IMG-LOGO

බොරු කොණ්ඩේ ගැලෙව්වොත් රුපියල් 50,000 ක්

හනිෆ් අබ්බාසි සහ ෂෙයික් රෂීද්

ඉම්රාන් ඛාන්ගේ රජයේ ස්වදේශ ඇමැති ලෙස කටයුතු කළ ෂෙයික් රෂීද් පලඳින බොරු කොණ්ඩය ගලවා රැගෙන එන ඕනෑම අයකුට පාකිස්තාන රුපියල් 50,000 ක මුදලක් තෑගි කරන බව පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ 'මුස්ලිම් ලීගය එන්' පක්ෂයේ නායක හනිෆ් අබ්බාසි පවසා ඇත.

හනිෆ් අබ්බාසි, අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ සහායකයා ලෙස ද කටයුතු කරයි. හනිෆ් අබ්බාසි, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීමක් කළේ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ සෞදි සංචාරයේ දී සිදුවුණු සිදුවීමක් මුල්කොට ගනිමිනි.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු, සිය පළමු විදෙස් සංචාරය ලෙස අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සෞදියට ගියේ සෞදියෙන් හදිසි මූල්‍ය සහන පැකේජයක් ලබා ගැනීමටය. පාකිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර, සෞදි රජය පාකිස්තානයට සහන මූල්‍ය පැකේජයක් ලබා දීමට ද එකඟත්වය පළ කළේය.

ෂෙහ්බාස් ෂරීෆ් සෞදියට ගියේ නියෝජිතයන් පිරිසක් ද පිරිවරා ගනිමිනි. සෞදියේ මදිනා නුවර අල් මස්ජිත් අල් නවාබි මුස්ලිම් පල්ලියට ගිය අවස්ථාවේදී එහි සිටි පිරිසක් පාකිස්තාන නියෝජිත පිරිසට 'හොරුන්' යැයි බැණ වදිමින් අපහාස කරමින්, ඔවුන්ට බාධා කළහ. එම සිද්ධියේ වීඩියෝ දසුන් පවා මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට ලත් වී ඇත.

එම පිරිස උසි ගන්වා ඇත්තේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීද් යැයි 'මුස්ලිම් ලීගය එන්' පක්ෂයේ නායක හනිෆ් අබ්බාසි චෝදනා නගයි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද මෙම සිද්ධියට උඩගෙඩි දී ඇති බවත් හනිෆ් අබ්බාසි චෝදනා නගා ඇත. හනිෆ් අබ්බාසි මෙසේ චෝදනා කළේ රාවුල්පිණ්ඩි නුවර පැවැති ජන රැලියක් ඇමැතූ අවස්ථාවේදීය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

බොරු කොණ්ඩේ ගැලෙව්වොත් රුපියල් 50,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site