IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බ්‍රසීල ජනපතිට දින 10 ක් ඉක්කා

දින 10 පුරා නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන්, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ රෝහල්ගත කර තිබේ. 66 හැවිරිදි ජනාධිපතිවරයාට හදිසි සැත්කමක් සිදු කළ යුතුදැයි නැද්ද යන්න ස්කෑන් පරීක්ෂණයකින් තීරණය කරන බව ඔහුගේ වෛද්‍යවරු පවසති.

ජනාධිපති බොල්සරානෝ පසුගිය 3 වැනිදා දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමුවට ගොස් කෘත්‍රිම දතක් බද්ධ කර ගත්තේය. ඉක්කා වැටීම ආරම්භ වූයේ ඉන්පසුව යැයි බොල්සරානෝ පවසයි. නොනවත්වා ඉක්කා වැටීම හේතුවෙන් පසුගිය දින කීපය පුරා බොල්සරානෝ දැඩි අපහසුතායකින් පසුවුණු බව බ්‍රසීල මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

අන්ත දක්ෂිණාංශික නායක බොල්සරානෝ මේ වනවිට බ්‍රසීල වැසියන් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට ද පත් වී සිටී. ඒ, කොරෝනා වසංගතය නිසි ලෙස කළමණාකරනය නොකිරීම සහ එන්නත් ඇණවුම් කිරීමට ප්‍රමාද වීම නිසාය. අද ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

ඊට අමතරව, එන්නත් මිලදී ගැනීමට ඇණවුම් ලබා දෙමින් ජනාධිපති බොල්සරානෝ, සෞඛ්‍ය අමත්‍යාංශය සමඟ එක් වී මුදල් වංචාවක් සිදු කළේ යැයි ද චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අධිකරණය අවසර දී තිබේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බොල්සරානෝ ද කොරෝනා වයිරසය අවතක්සේරු කළ ජනාධිපතිවරයෙකි. ඒ නිසාම බොල්සරානෝ කොරෝනා ආසාදිතයකු බවට ද පත් විය. ඔහු සුවය ලැබුවේ දින 7 කට පසුවය.

බොල්සරානෝ බ්‍රසීල ජනාධිපති ධුරයට පත් වූයේ 2018 දීය. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා ජන රැලියකට සහභාගී වී ජනතාව අතර සිටිද්දී, ඔහුට ප්‍රතිවාදියකුගෙන් පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරය එල්ල වූයේ බොල්සරානෝගේ උදරයටය. එයින් මහ බඩවැලට හානි සිදුවුණු අතර, ඉන්පසු සැත්කම් කීපයක් ද සිදු කෙරුණි.

(රොයිටර්)



අදහස් (2)

බ්‍රසීල ජනපතිට දින 10 ක් ඉක්කා

chathuri Friday, 16 July 2021 12:44 AM

මහජනතාවගේ මුදල් වංචාකරණ, බොරු කියන අපේ රටේ ඉන්න දේශපාලුවන්ටත් මැරෙනකම්ම ඉක්කා හැදෙන්න ඕනෑ.

:       0       0

මෝ Friday, 16 July 2021 08:23 PM

ඉක්කයි මමයි ගාලුගියා... ඉක්කා හිටියා මං ආවා කියලා හුස්ම හිරකරගෙන කියාගෙන ගියානම් ගොඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site