ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ඔක්තෝබර් 31 වැනි දා හා නොවැම්බර් 01 වැනි දා යන දෙදින තුළ විහාරාධිපති වතෝගල ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වේ.
වියා සල්වෝ ද අකුයුඉස්ටෝ හී අංක 22 දරන ස්ථානයේදි පැවැත්වෙන පිංකමට 31 වැනි දා රාත‍්‍රී සම්බුද්ධ පූජාව සහිතව මහ පිරිත් දේශනය ද දහවල් කඨින වස්ත‍්‍ර පූජාව, කල්ප වෘක්‍ෂ පූජාව, සපිරිකර දක්ෂිණාවද මහජන දානය ඇතුළත් වේ.
ශ‍්‍රීමාල් ජයලත්, කෝසල අමරසිංහ, සුභාෂිණී සකුන්තලා, දිනේෂ් සංදීප, හෂිණී නිසංසලා, බ්‍රෙෂියා මිරිසගේ සර්විස් ආයතනය, ඩබ්.ඒ සංජීව මහතා සහ සහෝදර පිරිස පද්මා ධනංසූරිය, නන්දා මඩපාත, පියසිරි මඩපාත යන මහත්ම මහත්මීහු පිංකමේ දායකත්වය දරති.
ඉතාලියේ ප‍්‍රධාන සංඝ නායක මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කඨින මහා පිංකමට මෛත‍්‍රී විහාරාධිපති ගෞරව විමලරතන, වෙරෝනා උඩවලවේ ඤාණානන්ද, පූජාපිටියේ සංතුසිත, ඉතාලි ජාතික කුමාර යන සහභාගි වෙති.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රෙෂියා කඨින පිංකම 31
සුධීර Friday, 23 October 2015 07:03 AM
සාධු සාධු සාධු!! (නි)
ගයාන් Saturday, 24 October 2015 01:25 AM
වෙනත් රටවලත් කඨින පිංකම් වෙනවා දැක්කම ලොකු සතුටක් දැනෙනවා. කඨින පින්කම කියන්නේ මහ විශාල පින්කමක්. මේ පින්කම කරන්න පුලුවන් බුද්ධ ශාසනයක් ලොව පවතිනතුරු විතරයි. ඒකත් අවුරුද්දකට එක් වතාවක්, වස් වාසය කළ උපසම්පදා භික්ෂූන් වහන්සේ නම්ක් වෙනුවෙන් විතරයි. හැම අවුරුද්දකම කඨින පින්කමට සහභාගී වෙන්න අපි සෑහෙන වාසනාවන්තයි. (නි)