අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්, බර්ලින් විහාරස්ථානයේ නිර්මාතෘ ආචාර්ය පොල් ඩාල්කේ, බර්ලින් නුවර ථේරවාද බෞද්ධ විහාරස්ථානයක් ආරම්භ කිරීම උදෙසා මුලාරම්භක වැඩකටයුතු සිදුකර බොදු මදුර නමින් එය පටන්ගැනීම සඳහා කටයුතු කළ අශෝක වීරරත්න (මිරිතිගල ධම්මනිසන්ති හිමි) ඇතුළු බර්ලින් විහාරස්ථානයේ ශාසනික සේවාවන් ඉටුකරමින් වැඩසිටි සියලුම හිමිවරුන් සිහිපත් කරමින් පුන්‍යානුමෝදනා කිරීමේ පින්කමක් එම විහාරස්ථානයේදී පැවැත්විණි.
කොන්ගස්පිටියේ ශාන්තරක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පින්කමට රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තලල්ලේ ධම්මජෝති හිමි, වෙරෝනා බෞද්ධ විහාරස්ථානාධිපති උඩවලවේ ඥානානන්ද හිමි, හැම්බර්ග් බෞද්ධ විහාරස්ථානාධිපති තල්පාවිල කුසලඥාන හිමි ඇතුළු මේදිනවල ජර්මනියේ සංචාරයක් සඳහා වැඩමකර සිටින චීන භික්ෂුන් වහන්සේ 25 නමක් සහභාගී වුහ.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාතිලක අමුණුගම, බර්ලින් බෞද්ධ විහාරස්ථානයේ හිටපු කළමනාකාර තිස්ස වීරරත්න ඇතුළු ශ්‍රී ලාංකික, චීන සහ ජර්මන් ජාතික සැදැහැවතුන් විශාල පිරිසක් ද පිංකම සඳහා එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බර්ලින් විහාරයේ පුන්‍යානුමෝදනාවක්
සුනිල් විමලසූරිය Tuesday, 16 February 2016 12:16 PM
නිර්මල බුදු දහම සදාකල් මුළු ලොවේ වැජඹේවා සාදු සාදු සාදු (බ)