IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බුරුන්ඩි ජනපති නෝන්ඩි වෙයි

රාජ්‍ය විරෝධී කැරැල්ලකින් පසු පරාජයට පත්වූ බුරුන්ඩි ජනපති පියර් න්කුරුන්සිසා රටින් පළාගිය බවට ප්‍රකාශවීමෙන් අනතුරුව නැවත සිය රට පැමිණි බව ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් සඳහන් කරයි.

ඔහු බදාදා කැරැල්ලකින් පසු ටැන්සානියාවට පළාගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

නමුත් ඔහු ස්ථිර ලෙසම තවමත් රට හමුවේ පෙනී සිටියේ නැත. ජනාධිපති කාර්ය මණ්ඩලය ට්විටර් ඔස්සේ සඳහන් කර ඇත්තේ න්කුරුන්සිසා සිකුරාදා ජාතිය ඇමතීමට නියමිත බවයි.

ජනපති විරෝධීන් තෙවැනිවරටත් න්කුරුසිසාගේ පැමිණීමට විරෝධය පළ කරමින් එරට බුජුම්බුරා අගනුවරදී වෙඩි වරුසාවක් එල්ල කළ අතර රජයේ ගුවන්විදුලිය තම යටතට ගැනීමට උත්සාහ කළ බවත් එරට හමුදාව කීවේය. නමුත් ජනපති ප්‍රකාශකයකු කියා සිටියේ එය විහිළුවක් බවයි. ගුවන්තොටුපළ, ජනපති කාර්යාල ජනපති හිතවතුන් යටතේ පාලනය වන බවද ඔහු කියයි.

 



අදහස් (0)

බුරුන්ඩි ජනපති නෝන්ඩි වෙයි

හේමන්ත Sunday, 17 May 2015 09:23 AM

ලාල් පෙනී සිටින්නේ නියම නමින් නෙවෙයි කියලා මට සිතෙන්නේ. (බ)

:       0       0

චින්තක Sunday, 17 May 2015 09:28 AM

ඔය මහින්ද ඇරෙන්න වෙන අයෙකුට රට පාලනය කරන්න බැරිද අර්ජුනට තාම ක්‍රිකට් කණ්ඩායමේ නායකය වෙලා ඉන්න තිබ්බෙ. ලාල් ඇරෙන්න අනෙක් අයගෙ අදහසට අනුව. දැනුත් ඔය ලස්සනට රට පාලනය කරන්නෙ (බ)

:       0       0

චින්තක Sunday, 17 May 2015 09:30 AM

මහින්ද නැත්තං රට නෑ. විකාර. වෙන මිනිස්සු නැද්ද රට පාලනය කරන්න පුළුවන්. (බ)

:       0       0

විජිත Saturday, 16 May 2015 08:36 AM

ලාල්ලා වගේ අයට තමයි නන්දිකඩාල් කළපුවේ පහන් පත්තුකළේ (නි)

:       0       0

නිවන්තක Monday, 18 May 2015 04:12 AM

අපි නම් එහෙම නැහැ (නි)

:       0       0

නුවන් Monday, 18 May 2015 04:13 AM

දිනූ නිදහස සැමරීමත් ජාතිවාදයයි කියන තරමට අද දීනවෙලා (නි)

:       0       0

කුමාර Sunday, 17 May 2015 10:16 AM

චින්තක, ඔයා මවු කිරි බීපු කටින්මද ඔය කතා කරන්නේ? (බ)

:       0       0

සිල්වා Monday, 18 May 2015 04:51 AM

චින්තක ළමයටත් ඉතින් කවදහරි පාඩමක් ලැබෙන්නේ කොටින්ගෙන්ම තමයි (නි)

:       0       0

ඉන්දික Saturday, 16 May 2015 02:50 PM

ලාල් වගේ බුද්ධිය හීන පුද්ගලයන්ට තේරෙන්නේ නැති දේවල් ගොඩාක් තියෙනවා.(බ)

:       0       0

ලාල් Friday, 15 May 2015 12:58 PM

අපිට නම් මේ පිළිබද හොද අත්දැකීමක් තිබෙනවා.අපේ එක්කෙනෙකුත් තුන්වෙනි පාරට එන්න හදලා නෝන්ඩි වුන බව මුලු ලෝකෙම දන්නවා.(හේ)

:       0       0

ඉන්දික Saturday, 16 May 2015 02:51 PM

අපේ රටත් දැන් ලෝකයටම විහිලු සපයන රට බවට පත් වෙලා. (බ)

:       0       0

සුදෙල්මි Saturday, 16 May 2015 10:16 PM

ඉන්දික කියනවා වගේ සමහර ඒකාධිපතියන් බලයෙන් පහවුණත් කරන්නේ රට හිනස්වන වැඩ තමා. (නි)

:       0       0

සුමුදු හේවා Friday, 15 May 2015 06:51 PM

ලාල් හිතන්නේ හිටපු ජනපති එළවා දැමීම ලොකු ජයග්‍රහණයක් කියලා වෙන්න ඇති.

:       0       0

රිතික් රෝහිත් Friday, 15 May 2015 07:21 PM

ලාල්, මහින්ද මහත්තයට නෝන්ඩිය දැම්මට මොකෝ, දැන් අපේ රට තමයි ලෝකය හිනස්සන රටක් හැටියට ලෝකයා ඉදිරියේ අන්තයටම නෝන්ඩිවෙලා තියෙන්නේ. (නි)

:       0       0

උදිත් Friday, 15 May 2015 10:38 PM

මම හිතුවේ නෝන්ඩි වෙන්නේ අපේ රටේ විතරයි කියලා. (නි)

:       0       0

රිතික් Sunday, 17 May 2015 05:35 PM

කලබල වෙන්න එපා කුමාර මල්ලි. ළඟදීම චින්තක වගේ අයට බීපු මව්කිරි නහයෙන් කටින් එන්න සබ්බුව හම්බවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site