IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය වෛද්‍ය සිසුවාට නිදහස


 
 
ඔත්තු බැලීමේ චෝදනාවට ජිවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කළ බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍ය සිසුවකු වන මැතිව් හෙජ් නිදහස් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර තිබේ.


31 හැවිරිදි මැතිව් හෙජ් නිදහස ලැබුවේ ජනාධිපති සමාව යටතේය. 


එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති විසින් හෙජ් ඇතුළු තවත් 700 දෙනෙකුට සමාව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික දිනයට සමගාමීව හෙජ් ඇතුළු පිරිසට මෙලෙස නිදහස හිමි වී තිබේ.


හෙජ් මැතිව්ට කඩිනමින් යළි බ්‍රිතාන්‍ය බලා යෑමට අවස්ථාව ලැබී ඇති බව එක්සත් අරාබි එමිරේට්ස් පුවත් වාර්තා කරයි.


තම සැමියාට සමාව ලැබීම ගැන අතිශය සතුටට පත්වන බව ඇයගේ බිරිඳ වන ඩැනියෙලා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළාය.


(28535)


බීබීසි ඇසුරෙනි



අදහස් (0)

බ්‍රිතාන්‍ය වෛද්‍ය සිසුවාට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site