IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍ය මුදල් ඇමැති බිරිදගේ අදායම් බදු විස්තර එළියට

බ්‍රිතාන්‍ය මුදල් ඇමැති රිශී සුනාක් ගේ බිරිඳ අක්ෂාටා මුර්ති ගේ අදායම් බදු විස්තර බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් එරට ජනතාවට අනාවරණය කර තිබේ.

අක්ෂාටා මුර්ති ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ‘ඉන්ෆොසිස්’ සමාගමේ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 700 ක වටිනාකමින් යුත් කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන අතර, ඉන් වසරකට බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 11.6 ආදායමක් ලබන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.

‘ඉන්ෆොසිස්’ සමාගමේ නිර්මාතෘවරයෙක වන නාරායන් මුර්ති මහතා අක්ෂාටා මුර්ති ගේ පියාය.

බ්‍රිතාන්‍යයේ  ජීවත් වන නමුත් අක්ෂාටා මුර්ති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස තම ස්ථිර පදිංචිය  ප්‍රකාශ කර නොමැති  නිසා ඇයගේ අදායම්  සඳහා එක්සත් රාජධානියට බදු ගෙවීමට නීතියෙන් බැඳී නැතැයි විශ්ලේෂකයෝ පවසති.

බී.බී.සී පුවත් සේවය වාර්තා කළේ ඇයගේ වාර්ෂික අදායම වූ  බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 11.6 ක් සඳහා අදායම් බදු ගෙවනු ලැබුවේ නම් වසරකට  බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් මිලියන 2.1 ගෙවීමට සිදුවන බවයි.

පසුගියදා තම බිරිඳගේ පුරවැසිභාවය පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් මුදල් අමාත්‍ය සුනාක් පැවසුවේ අක්ශාටා මුර්ති කිසිඳු නීතිමය වැරද්දක් සිදු කර නොමැති බවය.

තම ස්ථිර පදිංචිය බ්‍රිතාන්‍ය ලෙස ප්‍රකාශයට පත් කර නැති තම බිරිඳට මාධ්‍ය මෙසේ පහර දීම සාධාරණ නොවන බව ඔහු පැවසුවේය.

අක්ෂාටා මුර්ති පැවසුවේ කිසිම විටත් තම සැමියාට බාධාවක් නොවන බවත් තමන් තම අදායම් බදු තත්ත්වය  වෙනස් කරමින්  බදු ගෙවීම ආරම්භ කරන බවයි.

රජයේ නිලධාරීන් මෙම තොරතුරු මාධ්‍යට හෙළි කළ බව මාධ්‍ය වාර්තා කළත් ජොන්සන් ප්‍රමුඛ රජය එය ප්‍රතික්ෂේප කරමින් තොරතුරු හෙළිකළ පාර්ශවයන් සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

(බීබීසී)



අදහස් (0)

බ්‍රිතාන්‍ය මුදල් ඇමැති බිරිදගේ අදායම් බදු විස්තර එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site