IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ වෙඩි තැබීමකින් 12කට තුවාල

(රොයිටර් ඇසුරිනි - 055)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් 12 දෙනකු තුවාල ලබා ඇත. 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පිටතදී විශාල ශබ්ද ඇසුණු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභාපතිවරයා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ තිබෙන පාලම අසල 12 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බව රොයිටර් ඡායාරූප ශිල්පියකු සඳහන් කර තිබේ. 

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් පිටතදී දෙදෙනකුට වෙඩි තබා ඇති බවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වසා දැමීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු නිලධාරියෙක් සඳහන් කළේය. 

මෙම සිදුවීමත් සමඟ පාර්ලිමේන්තු සැසිවාරය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇති අතර මන්ත්‍රීවරුන්ට සභා ගර්භය තුළම රැඳී සිටින්නැයි උපදෙස් දී තිබේ. 

වෙස්ට්මින්ස්ටර් ආසන්නයේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය කැඳවූ බවත් මේ වනවිට ආයුද සන්නද්ධ භට සහ පොලිස් පිරිස් පාර්ලිමේන්තුව තුළත් ඒ අවටත් ආරක්ෂාව දැඩි කිරීමටත් කටයුතු කළ බව වාර්තා විය. 

පොලිස් නිලධාරියකුට පිහි පහර එල්ල කිරීමේ සිදුවීමක් සහ තවත් ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වෙස්ට්මින්ස්ටර් ප්‍රදේශයේ සිදුවූ බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණ ද ඒ කිසිවක් තහවුරු කර නොතිබිණි. 

මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ ආරක්ෂිතව සිටින බව ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබිණි. 



අදහස් (6)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ වෙඩි තැබීමකින් 12කට තුවාල

abaran Wednesday, 22 March 2017 09:39 PM

ත්‍රස්තවාදය සහ යුද අපරාධ යනු කුමක්දැයි හදුන්වාදීමට පැමිණි වෙස් වලාගත් ආශීර්වාදයක්.....

:       118       156

සමන් Thursday, 23 March 2017 02:08 AM

ඔවුන් වපුරපු දේවල අස්වැන්න ලැබෙමින් තිබෙනවා

:       109       348

ලුම්බිණි Thursday, 23 March 2017 03:45 AM

ත්‍රස්තවාදය සහ එහි ප්‍රතිපල සතුටට හේතුවක් නොවෙයි. කොතන සිදු වුවත් එය හෙලා දැකිය යුතුයි.

:       39       41

Truthweda Thursday, 23 March 2017 06:35 AM

යමෙක් වපුරපු දෙය තමයි, අස්වැන්න විදියට ලැබන්නෙ. ත්‍රස්තයන්ට සහ රටවල් කොටවන්න උල් පන්දම් දීපු කට්ටිය නේද මේ??????????

:       63       214

Chandima Fonseka Thursday, 23 March 2017 07:15 AM

අනේ මේ සුළු සිද්ධියක්නේ. අපිට ඒ දවස්වල කොටි කරපුව දැක්කනම් විතරක් මේගොල්ලන්ගේ මරණ ගණන වැඩිවෙන්නේ බයටම.

:       0       57

nimallalitha Thursday, 23 March 2017 07:27 AM

මිනිස් ජිවිත හානි කිරීම සතුටු විය හැකි කරුණක් නොවේ. සිංහල අපිට ත්‍රස්තයන් මර්ධනය කිරීමේදී යුද අපරාද සිදු කලයි කියන මේ උතුමන්ට ත්‍රස්තවාදය කුමක් දී වටහා ගැනීමට මේ හේතු වේවා

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site