IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බි‍්‍රතාන්‍ය අගමැති හදිසියේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට හදිසියේ පැමිණි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඊයේ (19) එරට ජනපති හමීඞ් කර්සායි හමුවූයේය. අගමැති කැමරන් ආරක්ෂක අංශ නිලධාරීන් පිරිවරා ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට පැමිණියේ පෙරේදා (18) රාති‍්‍රයේය. ඇෆ්ගනිස්තානයට පය තැබූ විගස ඔහු බි‍්‍රතාන්‍ය හමුදා සේනාංක රැඳී සිටින බැස්ටියොන් කඳවුරේ සංචාරය කළේය. එහිදී බි‍්‍රතාන්‍ය සෙබළුන් හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ද අගමැතිවරයා අමතක නොකළේය. අගමැතිවරයාගේ එම සංචාරය හදිසියේ සිදුවූයේ අල් කයිඩා හෝ තලේබාන් සටන්කාමීන්ගෙන් හෝ ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පැවැති නිසා යැයි බි‍්‍රතාන්‍ය ආරක්ෂක අංශ පෙන්වා දෙයි. වසර 10 කට වැඩි කාලයක් තිස්සේ පවතින ඇෆ්ගන් යුද්ධය 2014 වසර වෙද්දී අවසන් කිරීමට නේටෝ හමුදා බලාපොරොත්තු වෙයි. බි‍්‍රතාන්‍යය ද නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර එරට හමුදා සෙබළු 9,500 ක් ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව සටන් වදිති. බි‍්‍රතාන්‍යය ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිට වී යන්නේ එරට ආරක්ෂක කටයුතු ඇෆ්ගන් රජයට සහ ආරක්ෂක අංශවලට පවරමින්ය. නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු රටේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ඇෆ්ගන් ජනපති සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා ඇති කිරීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයෝ අවධානය යොමු කළහ. තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතර සාම සාකච්ඡා සඳහා පාකිස්තානයේ දායකත්වයද ඉතා වැදගත් බව බි‍්‍රතාන්‍ය අගමැතිවරයා අවධාරණය කළේය. ජනපති කර්සායි හමුවෙමින්...



අදහස් (0)

බි‍්‍රතාන්‍ය අගමැති හදිසියේම ඇෆ්ගනිස්තානයේ සංචාරයක

ෆර්සාන් Saturday, 21 July 2012 12:24 PM

කොටි ලංකාවේ අවුඃ 30 ක් මිනීමැරුවෙ පිළිම වැඩි හින්දද මන්දා?

:       0       0

මධූ Saturday, 21 July 2012 01:33 PM

තොප්පිය හරිනම් දාගන්න..... (ස.වි)

:       0       0

ප්‍රියන්ත Sunday, 22 July 2012 08:36 AM

කවුරු කවුරුත් හිතන් ඉන්නේ ලංකාව එයාලගේ බූදලේ කියලා. (නි)

:       0       0

ලක්මාල් Saturday, 21 July 2012 12:54 AM

හදිස්සියෙම තමයි යන්න වෙන්නේ....කියලා ගියොත් වැඩේ වරදිනවනේ.......

:       0       0

ඒ.ඒ.ඒ. Sunday, 22 July 2012 12:23 PM

අෆ්ගනිස්ථානය බුදුන් වැඩමකළ දේශයක් නොවේ. (ස)

:       0       0

මදූ Friday, 20 July 2012 04:36 PM

බාමියන් බුදුපිළිම කඩල මාස හතක් යන්නත් කලින් පළ දුන්නා (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site