IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි

‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සංචරණ සීමා පනවා, රට ලොක්ඩවුන් කර තිබියදී, සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින්, සාදයක් පැවැත්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වහා ධුරයෙන් ඉවත් විය යුතු යැයි එරට විපක්ෂය වන කම්කරු පක්ෂය බල කර සිටී.

දිගින් දිගටම විපක්ෂයෙන් බලපෑම් එල්ල වෙද්දී, එම සිදුවීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ දී සමාව ඉල්ලීමට ද අග්‍රාමාත්‍ය ජොන්සන් ඊයේ (12) පියවර ගත්තේය.ෙ

අග්‍රාමාත්‍ය ජොන්සන්, ඩවුනින් වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ ගෙවත්තේ මෙම සාදය පවත්වා ඇත්තේ 2020 මැයි මාසයේය. සාදයට 100 කට වැඩි පිරිසකට ඇරැයුම් කිරීමට සැලැසුම් කර තිබුණත්, පසුව ඊට ඇරැයුම් කර ඇත්තේ 40 දෙනකුට පමණක් බව ද බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කර තිබේ. සාදයට ඇරැයුම් යවා ඇත්තේ ඊ මේල් පණිවුඩ ලෙස යැයි ද පැවැසෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ කොන්සවර්ටිව් පක්ෂ රජය විසින් ම පැනැවූ ‘කොවිඩ් 19’ තහංචි උල්ලංඝනය කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කිරීම ජනතා විශ්වාසය බිඳ දැමීමක් යැයි විපක්ෂය වන කම්කරු පක්ෂය දිගින් දිගටම පාර්ලිමේන්තුවේ දී චෝදනා කරන්න විය. අග්‍රාමාත්‍යවරයා විපක්ෂයෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද සමාව ඉල්ලීමක් කළේ එම අවස්ථාවේදීය.

“මා දන්නවා, විපක්ෂය ඉන්නේ කේන්තියෙන්, ජනතාව ඉන්නේ කේන්තියෙන්. ඒක සාධාරණයි. රජය දැමූ නීති අගමැති ලෙස මා උල්ලංඝනය කළා යැයි චෝදනා නැගෙනවා. එම චෝදනා සම්බන්ධයෙන් මා විපක්ෂයෙන් සහ ජනතාවගෙන් සමාව ඉල්ලනවා.” යැයි අගමැතිවරයා පාර්ලිමේන්තවේ දී පැහැදිලි කළේය.

කෙසේ නමුත්, අගමැති ජොන්සන් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ, 2020 මැයි මාසයේ අග්‍රාමාත්‍ය නිල නිවසේ ගෙවත්තේ එළිමහනේ පැවැත්වූයේ සාදය රාජකාරි මට්ටමේ සාදයක් බවත්, පෞද්ගලික සාදයක් නොවන බවත්ය. 

සාදයට සහභාගී කරවාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය ජොන්ස්නගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් පමණි. ඒ, ඔවුන්ගේ සේවය ඇගැයීමට ලක් කිරීමක් වශයෙන් බව ද පැවැසෙයි. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස් ද සාදයට සහභාගී වී ඇත. එසේ වුවත්, පැවැත්වෙන අවස්ථාවේදී, බ්‍රිතාන්‍යයේ සියලු පාසල්, අවන්හල් ආදිය වසා දමා තිබුණු අතර, ජනතාවට ඒකරාශීවිමට සෞඛ්‍ය අංශ අවසර දී තිබුණේ ද නැත.

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව, දැඩි සංචරණ සීමා පනවමින් රජය ජනතාවට උපදෙස් දී තිබුණේ අත්‍යාවශ්‍ය රාජකාරියක් සඳහා නිවසින් බැහැරව යා හැකි වූයේ සාමාජිකයන් දෙදෙනකුට පමණක් බවත්, ඔවුන් ද නිවසින් බැහැරව යද්දී මිටර් දෙකක දුරස්ථභාවයක් පවත්වා ගනිමින් බවත්ය.

(බීබීසී)



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැති සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site