
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, ‘සාමකාමී විසඳුමක්’ සෙවීම එහි අරමුණ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
‘යුක්රේනය මුල්කොට ගනිමින් යුද්ධයක් නිර්මාණය වුවහොත් එයින් කිසිදු පාර්ශ්වයකට වාසියක් අත් නොවන බව රුසියන් ජනාධිපතිවරයාත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාත් පැහැදිලිව පිළිගත් බව ලන්ඩන් නුවර අංක 10 ඩවුනින් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
යම් හෙයකින් රුසියාව යුක්රේනය මුල්කොට ගනිමින් හමුදාමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නම්, මහා බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන්නේ යුක්රේනයට යැයි ද අග්‍රාමාත්‍ය ජොන්සන්, රුසියන් ජනාධිපතිවරයාට පැවැසුවේය.
යුක්රේන අර්බුදයට අමතරව, කාලගුණ විපර්යාස සම්බන්ධයෙන්, ඉරානය න්‍යෂ්ටික අර්බුදය සහ ඇෆ්ගනිස්තානයේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡාවට බඳුන් වූ බව පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය අගමැති රුසියන් ජනපති අමතයි