
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ මෙම යුක්රේන සංචාරයේ අරමුණ, මහා බ්‍රිතාන්‍යය යුක්රේනයට සහාය දක්වන බව ඒත්තු ගැන්වීම යැයි ලන්ඩනයේ ඩවුනින් වීදියේ අංක 10 පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේන හමුදාවට සන්නද්ධ රථ 120 ක් සහ මිසයිල නාශක පද්ධති ලබා දීමට බ්‍රිතාන්‍ය රජය යුක්රේන රජයට පොරොන්දුවක් ද ලබා දී ඇත. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කීව් අගනුවරදී යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී හමුවුණු අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.

යුක්රේනයට යෑමට අදහස් කරගෙන සිටිනවා යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් අවස්ථා ගණනාවකදී පවසා තිබුණත්, ඊයේ (9) ඔහු කීව් අගනුවරට යන තුරු මාධ්‍ය ඒ ගැන දැන සිටියේ නැත. යුක්රේන සංචාරය සම්බන්ධයෙන් කල්තියා දැනුම් දීමක් නොකළේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව නිසා යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක පැහැදිලිව සඳහන් වෙයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීව් අගනුවර සිටිනවා යැයි මාධ්‍ය දැනගත්තේ ට්විටර් පණිවුඩ ඔස්සේ පළ වුණු ඡායාරූප දැකීමෙන් යැයි ද පැවැසෙයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවීමෙන් පසු අවි ආයුධවලට අමතරව යුක්රේනයට පවුම් මිලියන 770 ක ණය මුදලක් ලබා දීමට ද අග්‍රාමාත්‍ය ජොන්සන් එකඟත්වය පළ කළේය.
"යුක්රේනය නිදහස් ස්වාධීන රාජ්‍යයක් ලෙස මහා බ්‍රිතාන්‍යය පිළිගනන්වා. රුසියන් හමුදාවට එරෙහිව නැගී සිටින ජනාධිපති සෙලෙස්කී සිංහයෙක්. ඔහු වීරයෙක්. යුක්රේනයට අවශ්‍ය හමුදා සහාය මෙන්ම ආර්ථික සහාය ද අප ලබා දීමට පියවර ගන්නවා' යැයි සෙලන්ස්කී සමඟ පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍ය ජොන්සන් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයේ සංචාරයක