දින දෙකක නිල සංචාරයක් ආරම්භ කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉන්දියාවට පැමිණි අතර, ඔහුට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
විශේෂ ගුවන් යානයකින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැමිණියේ, ගුජරාඨ ප්‍රාන්තයේ අහ්මදාබාද් නගරයටය. ඒ, ඊයේ (21) උදෑසනය.
බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා රිය පෙරහරින් අහ්මදාබාද් නුවර ගමන් කරද්දී, ඉන්දීය වැසියන් සහ පාසල් දරු දැරියෝ බි්‍රතාන්‍ය ධජ අතැතිව මඟ දෙපස සිට ප්‍රීති ඝෝෂා කරන්න වූ අතර නර්තන අංග පවා ඉදිරිපත් කළහ.
අහ්මදාබාද් නුවර සබර්මතී ගාන්ධි ආශ්‍රමය නැරැඹීමට ගිය අවස්ථාවේදී, මහත්මා ගාන්ධිතුමන්ගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වීමට ද අග්‍රාමාත්‍ය ජොන්සන් අමතක නොකළේය. මෙම අවස්ථාවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ද එක් වී සිටියේය.

ගාන්ධි ආශ්‍රමය නැරැඹීමෙන් පසු අග්‍රාමාත්‍ය ජොන්සන් ඉන්දීය ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ගෞතම් අදානී හමුවී ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්වීය.
එම හමුවෙන් අනතුරුව, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වදෝදරා බලා ගුවන් ගමනකට එක් විය. ඒ, ‘ජේ.සී.බී.’ බර යන්ත්‍ර නිෂ්පාදන කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට ද එක් වෙමිනි. කම්හලේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු අග්‍රාමාත්‍ය ජොන්සන් ගුජරාට ජාත්‍යන්තර ආර්ථික තාක්ෂණ සම්මන්ත්‍රණයට සහභාගී විය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට අග්‍රාමාත්‍ය ජොන්සන් නවදිල්ලිය බලා පිටත්වූයේ ඉන් අනතුරුවය. හෙට දිනයේ (22) ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හමුවී, වෙළෙඳ සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටත්, නව ගිවිසුම්වලට අත්සන් තැබීමටත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් සිටී.
ඊට අමතරව යුක්රේනය සම්බන්ධයෙන් බි්‍රතාන්‍යය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සහාය දෙන්නැයි ද අග්‍රාමාත්‍ය ජොන්සන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කිරීමට ද නියමිත බව පැවැසෙයි.
රුසියන් යුක්රේන අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබියදී පවා ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගන්නා අතර, එය නීතිවිරෝධී නොවන බව ඇමෙරිකාව පවසා තිබේ.
ගුවන් යානයෙන් ඉන්දියාව බලා පැමිණෙද්දී, ඉන්දියාවට වැඩි වැඩියෙන් වීසා ලබා දීමට ද අපේක්ෂා කරන බවත් ඉන්දියාවේ ආයෝජන වෙනුවෙන් පවුම් බිලියන ගණනක් යෙදවීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ජොන්සන් අවධාරණය කළේය.
ඊට අමතරව ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති අවදියේදී බ්‍රිතාන්‍ය පාලකයන්ගේ තාඩන පීඩනවලට ඉන්දියානුවන් ලක් වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඉල්ලීමට තමන් සූදානම් බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් පවසා තිබුණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය අගමැති ඉන්දීය සංචාරය අරඹයි