IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බ්‍රිතාන්‍ය අගමැතිනිය නෙරපීමේ කුමන්ත්‍රණය ඇරැඹේ

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්, එම ධුරයෙන් නෙරපා දැමීමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ වී ඇති බවත්, ඉදිරි දින කීපය අග්‍රාමාත්‍යවරියට තීරණාත්මක වනු ඇති බවත්, ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය පවසයි.

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා පාලක කොන්සවර්ටිව් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලිස් ට්‍රස් අනතුරු අඟවමින් පවසාඇත්තේ, තමන් බලයෙන් නෙරපා දැමීමට ගන්නා උත්සාහය මහ මැතිවරණයකට යෑමට හේතුවක් වනු ඇති බවය. මහ මැතිවරණයකට යෑමට සිදුවුවහොත්, වසර ගණනක් බලයේ සිටින කොන්සවර්ටිව් පක්ෂයට බලය අහිමි වීමට පවා ඉඩ ඇති බව ද ලිස් ට්‍රස් පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. මේ වනවිට පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දයෙන් පක්ෂ නායකයා තේරීම සිදුවූයේ පසුගිය සැප්තැම්බරයේය.

පක්ෂ නායකත්වය සඳහා සටන් කළේ 47 හැවිරිදි ලිස් ට්‍රස් සහ 42 හැවිරිදි ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක් ය. එයින් වැඩි ඡන්ද දිනා ගනිමින් ලිස් ට්‍රස් පක්ෂ නායකත්වයට මෙන්ම, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට ද පත්වූවාය. ලිස් ට්‍රස් පක්ෂ නායකත්වයට මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයට ද පත් වී දින 40 කි.

බ්‍රිතාන්‍යය මුහුණ දෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට ලිස් ට්‍රස් නව ආර්ථික පැකේජයක් හඳුන්වා දුන්නාය. ඇය මුදල් ඇමැති (චාන්සලර්) ධුරය පිරිනැමුවේ ක්වාසි වාටන්ටය. නව ආර්ථික පැකේජය හරහා දැවැන්ත ලෙස බදු කප්පාදු කිරීමට අග්‍රාමාත්‍යවරිය ගත් තීරණය බ්‍රිතාන්‍ය  ආර්ථික විශේෂඥයන්ගේ පමණක් නොව, පාලක කොන්සවර්ටිව් පක්ෂයේ ද අප්‍රසාදයට හේතුවක් විය. ඒ අනුව, ක්වාසි වාටන් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ද අග්‍රාමාත්‍යවරියට සිදුවිය.

නව මුදල් අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් පත් කර ඇත්තේ ජෙරමි හන්ට් ය. ජෙරමි හන්ට් යනු රිෂී සුනාක් හිතවාදියෙකි.

(ඬේලිමේල් ඇසුරිනි)



අදහස් (0)

බ්‍රිතාන්‍ය අගමැතිනිය නෙරපීමේ කුමන්ත්‍රණය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site