
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට දෙවැනි වරටත් පිය පදවිය උරුම විය. ඒ ඔහුගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස් දියණියක ප්‍රසූත කිරීමත් සමඟය.
කැරී සිමොන්ඩ්ස්, බොරිස් ජොන්සන්ගේ සිවුවැනි බිරිඳය. 57 හැවිරිදි ජොන්සන් සහ 33 හැවිරිදි සිමොන්ඩ්ස් විවාහ වුයේ මෙම වසරේ මැයි මාසයේදීය. ඊට පෙර දෙදෙනා වසර ගණනක් එකට ජීවත් වූහ.
ජොන්සන් සහ සිමොන්ඩ්ස් ට පුතෙක් සිටී. ඔහු විල්ෆ්‍රඩ් වන අතර, ඔහු උපත ලැබුවේ 2020 අප්‍රේල් මාසයේය. විල්ෆ්‍රඩ් උපත ලැබුවේ බ්‍රිතාන්‍යය 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකද්දීය.
ඒ වනවිට අග්‍රාමාත්‍ය ජොන්සන් ද බිරිඳ කැරී සිමොන්ඩ්ස් ද 'කොවිඩ් 19' ආසාදිතයෝ වූහ. අසාධ්‍ය තත්ත්වයට පත් වුණු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කෙරුණු අතර ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට පවා සිදුවිය. ගැබිනියක වූ කැරී සිමොන්ඩ්ස් අසාධ්‍ය තත්ත්වයට පත්වූයේ නැත.
මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය ද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් තිබේ. 'ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන් එහි ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව තහංචි පැනවීමට අග්‍රාමාත්‍ය ජොන්සන් කටයුතු කර ඇති නමුත් එය දැඩි ජනතා අප්‍රසාදයට හේතුවක් වී ඇත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය අගමැතිට යළිත් පිය පදවිය