IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ගැන තීරණය 23 වැනිදා

බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවටිව් පක්ෂයේ නායකයා සහ බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන්දැයි ලබන මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂය අද (25) නිවේදනය කළේය. 

හිටපු විදේශ අමාත්‍ය බොරිස් ජොන්සන් මීළඟ අගමැතිවරයා වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබෙන අතර ඔහුගේ ප්‍රතිවාදියා වී ඇත්තේ එරට සිටින ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන ජෙරම් හන්ට්ය. 

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයේ නායකයා එරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වන අතර දැනට එම පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කරන තෙරේසා මේ තමන් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ඉකුත් දිනෙක ප්‍රකාශ කළාය. 

කොන්සවටිව් පක්ෂ නායකත්වය සඳහා එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 313 දෙනාගෙන් දස දෙනකු ඉදිරිපත් වූ අතර අවසානයේදී එය දෙදෙනකුගේ සටනක් බවට පත්විය. මේ අනුව බොරිස් ජොන්සන් සහ ජෙරම් හන්ට් යන දෙදෙනාගෙන් එක් අයකු පක්ෂ නායකත්වය සඳහා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. එම පක්ෂයේ සාමාජිකයන් 160,000 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. 

ඡන්ද විමසීම ජූලි 6 සහ 8 යන දින දෙක තුළදී පැවැත්වෙන අතර ජූලි 22 වැනිදා එම ක්‍රියාවලිය අවසන් වීමට නියමිතය. 

“කොන්සවටිව් පක්ෂයේ නායකයා මීළඟ නායකයා කවුදැයි ජූලි 23 වැනිදා නිවේදනය කරනවා. අපේක්ෂකයන් දෙදෙනාම ඊට කැමැත්ත පළ කර තිබෙනවා” යැයි කොන්සවටිව් පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

කොන්සවටිව් පක්ෂයේ මීළඟ නායකයා සහ අග්‍රාමාත්‍යවරයා කවුදැයි නිල වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව තෙරේසා මේ දෙවැනි එළිසබෙත් මහ රැජින බැහැ දැක සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට නියමිතය. ඉන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා බකිංහැම් මාලිගයට යෑමට නියමිතය. 

 ඒ.එෆ්.පී ඇසුරිනි

055



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ගැන තීරණය 23 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2427 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site