IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්

පෝලියෝ වයිරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු පොඩිත්තන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

මහා බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක් හටගත්තේ,  වසර 40 කට පසු ලන්ඩන් අගනුවරින් පෝලියෝ වයිරස විෂබීජ හමුවීමත් සමඟය. පෝලියෝ වයිරස විෂබීජ හමුවූයේ පසුගිය ජූනි මාසයේ ලන්ඩන් නුවර අපහවන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදීය.

බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කළේ, දරුවන්ගේ වැඩි ආරක්ෂාවට බවත්, තවමත් බ්‍රිතාන්‍යයේ කිසිදු තැනකින් පෝලියෝ ආසාදිතයකු හමුවී නැති බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත.

අපවහන නළයෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවුණු බැවින්, වයිරස ව්‍යාප්තියක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඒ අනුව ‘හදිසි තත්ත්වයක්’ ලෙස සලකා පෝලියෝ බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

පෝලියෝ යනු ‘පෝලියෝ මයලයිටීස්’ වයිරසය ආසාදනය වීමය. ‘පෝලියෝ මයලයිටීස්’ වයිරසය, ‘පෝලියෝ වයිරසය’ යන නමින් ද හැඳින්වෙයි. වයිරසය ආසාදනය වන්නේ මළපහ මාර්ගයෙනි. ඉන්පසු ආසාදිතයකුගෙන් තවත් ආසාදිතයකුට ඉතා වේගයෙන් පැතිරේ.

වයිරසය සිරුරට ඇතුළු වී රුධිරයට මුසුවුණු පසු රෝග ලක්ෂණ පහළ වීම සිදුවෙයි. වයිරසය මධ්‍යම ස්නායු පද්ධතියට ඇතුළු වූ මාංශපේශීන් දුර්වල වෙයි.

දරුවන්ට පෝලියෝ එන්නතේ පළමු මාත‍්‍රාව ලබා දෙන්නේ මාස 2 සම්පූර්ණ වූ විටය. ඉන්පසු මාස 4 සම්පූර්ණ වෙද්දී එහි දෙවැනි මාත‍්‍රාව ද, මාස 6 දී තෙවැනි මාත‍්‍රාව ද ඉන්පසු අවුරුදු 1 1/2 දී සිවුවැනි මාත‍්‍රාව ආදී වශයෙන් පෝලියෝ මුඛ එන්නත් ලබා දීම සිදුවෙයි. ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු දරුවන්ට ලබා දෙන්නේ මෙම එන්නත් මාත‍්‍රාවලට අමතර බූස්ටර් එන්නත් මාත‍්‍රාවකි.

(රොයිටර්)



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site