IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කරයි

බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්තානයේ සිදු කළ සියලු මෙහෙයුම් ඊයේ (28) අවසන් කළේය. අවසන් පැය 24 ක කාලයේ බ්‍රිතාන්‍ය හමුදා ඔවුන්ගේ ගුවන් යානා භාවිතයට ගනිමින් බ්‍රිතාන්‍ය වැසියන් සහ ඇෆ්ගන් සිවිල් වැසියන් දෙදහසකට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානයෙන් රැගෙන ගිය බව පැවැසෙයි.

එසේ රැගෙන ගිය එක් ඇෆ්ගන් ජාතික ගැබිනි කාන්තාවක ගුවන් යානය තුළ දී දරු ප්‍රසූතිය කළ බවත්, බ්‍රිතාන්‍ය හමුදා සොල්දාදුවන්ගේ සහාය ඇයට ලැබුණු බවත් විදෙස් වාර්තා පවසා තිබේ. එම කාන්තාවත් බිලිඳාත් සුවෙන් සිටින බව ද පැවැසෙයි.

පසුගිය 26 වැනිදා කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රයට එල්ල වුණු මරාගෙන මැරෙන අයි.එස්. ප්‍රහාරයෙන් මියගිය 170 දෙනා අතර බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් කීප දෙනකු පවා සිටින බව පැවැසෙයි. ඔවුන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ 'බැරන්' හෝටලයේ තාවකාලිකව රැදී සිටියේ සති අන්තයේ ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමේ අපේක්ෂාවෙනි.

ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ රාජකාරි කළ බ්‍රිතාන්‍ය තානාපති නිලධාරීන් කීප දෙනකු සහ ව්‍යාපාරිකයන් කීප දෙනකු ද 'බැරන්' හෝටලය ඉදිරිපිට පුපුරා ගිය බෝම්බයෙන් ජීවිතක්ෂයට පත් වුණු බව බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර ඇමෙරිකන් හමුදා ඔවුන්ගේ මෙහෙයුම් සියල්ල අවසන් කර කාබුල්වලින් පිටවී යෑමට නියමිතව ඇත්තේ ලබන 31 වැනිදාය. දිනයේය. 31 වැනිදා වනවිට සියලු මෙහෙයුම් අවසන් කරන බවත්, එය කිසිසේත් ප්‍රමාද නොකරන බවත් ඇමෙරිකන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)



අදහස් (2)

බ්‍රිතාන්‍යය ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කරයි

Anura Sunday, 29 August 2021 01:25 PM

මේ අය ගිය තැන ඉවරයි

:       2       5

Lelwala Monday, 30 August 2021 07:38 AM

ලොව සුපිරි බලවතුන් කිසිදු වෙඩි තැබීමකින් තොරව පලා යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 677 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site