ලන්ඩන්හිදීය (රොයිටර්)
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඇයගේ කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට යුරෝපා සංගමය සමඟ ඇති කරගත් ගිවිසුමට සහාය දෙන්නේ ද නැද්ද යනුවෙන් තේරීම් දෙකක් ලබා දී ඇතැයි වාර්තා වේ.
තමන් යුරෝපීය සංගමය සමඟ ඇති කරගත් ගිවිසුමට සහාය ලබාදෙන්න නැතහොත් එය ප්‍රතික්ෂේප කර බ්‍රිතාන්‍යය වඩාත් බෙදීමකට සහ අවිනිශ්චිත තත්ත්වයකට පත් කරන්න යැයි බ්‍රිතාන්‍යය අගමැතිනිය මන්ත්‍රීවරුන්ට තරමක තර්ජනාත්මක ස්වරූපයෙන් පවසා ඇතැයි ද වාර්තා වේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳව ගිවිසුමක් ඉරිදා (25) යුරෝපා සංගමයට ඉදිරිපත් කෙරුණු අතර යුරෝපා සංගමයේ නායකයෝ අදාළ ගිවිසුම අනුමත කළහ. එමෙන්ම එහිදි දේශපාලන ප්‍රකාශනයක් ද අනුමත කරගනු ලැබිණි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු දෙපාර්ශවය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ දේශපාලන ප්‍රකාශනයෙන් අවධානය යොමු කර ඇත.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ ගිවිසුමට ඇයගේ කන්සර්වේටිව් පක්ෂයෙන් ඇතැම් කොටස්වලින් මෙන්ම එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් ද විරෝධයක් එල්ල වී ඇත. එපමණක් නොව උතුරු අයර්ලන්තයේ අගමැතිනි තෙරේසා මේ ට සහාය දක්වන පාර්ශ්ව ද අදාළ ගිවිසුම විවේචනය කර ඇත.
055
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍යය අගමැතිනියගෙන් මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක්