ඔමික්‍රොන් විකෘතියේ උප ප්‍රභේද වන 'බී.ඒ.1' සහ 'බී.ඒ.2' සංයෝජනය වීමෙන් නිර්මාණය වූ තවත් බිහිසුණු 'කොවිඩ් 19' විකෘතියක් ගැන මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් මෙම නව ප්‍රභේදය නම් කර ඇත්තේ 'එක්ස්.ඊ' යනුවෙනි.
'එක්ස්.ඊ' විකෘතිය සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසා ඇත්තේ, 'ඔමික්‍රෝන්' ද ඇතුළු සියලු 'කොවිඩ් 19' ප්‍රභේදවලට වඩා 'එක්ස්.ඊ' ප්‍රභේදයේ පැතිරීම වේගවත් බවය.
'එක්ස්.ඊ' විකෘතිය ගැන බ්‍රිතාන්‍යසෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධානයෙන් පසුවුණු අතර, ඔවුන්ට පළමුවෙන් මෙම 'එක්ස්.ඊ' විකෘතිය හමුවුණු බව පැවැසෙන්නේ පසුගිය ජනවාරි 19 වැනිදාය. අද වනවිට 'එක්ස්.ඊ' ආසාදිතයන් 637 දෙනකු මහා බ්‍රිතාන්‍යයේ නන්දෙසින් වාර්තා වී තිබේ.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බ්‍රිතාන්‍යයෙන් නව විකෘතියක් හමුවෙලා