IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයට අද අලුත් අගමැතිවරයෙක්

මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම අද (5) සිදුවෙයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

පක්ෂ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි. කොන්සවර්ටිව් පක්ෂ නියෝජිතයන්, පක්ෂ ක්‍රියාකාරීන් සහ පක්ෂ සාමාජිකයන් අතරේ ඡන්ද විමසුම පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල අද ප්‍රකාශයට පත් කෙරේ.

පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන පවතින්නේ ඊට ඉදිරිපත් වුණු ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් විදේශ අමාත්‍යවරිය ලිස් ට්‍රස් සහ හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් අතරේය.

47 හැවිරිදි ලිස් ට්‍රස් පක්ෂ නායකත්වය හිමිවී, අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත්, තරේසා මේ සහ මාග්‍රට් තැචර්ගෙන් පසු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව වනු ඇත.

42 හැවිරිදි රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇත්තකු බැවින්, ඔහු ජයග්‍රහණය කළහොත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වන ඉන්දීය සම්භවයක් ඇති පළමු තැනැත්තා ඔහු වනු ඇත.

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට නව නායකයකු පත් කර ගැනීමට සිදුවූයේ පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවූ බොරිස් ජොන්සන් ඉන් ඉවත් වූ බැවිනි.

ජොන්සන් ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහුගේ ක්‍රියාකලාපය පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වුණු බැවිනි.

ඒ අනුව, පසුගිය ජූලි මාසයේ සිට පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම් පැවැත්විණි. අවසාන වටයට ආ අපේක්ෂකයන් දෙදෙනා වූයේ ලිස් ට්‍රස් සහ රිෂී සුනාක් ය.

(රොයිටර්)



අදහස් (2)

බ්‍රිතාන්‍යයට අද අලුත් අගමැතිවරයෙක්

SUDDAA Monday, 05 September 2022 01:11 PM

අපි විශ්වාස කරමු!

:       2       2

අනාවැකි සීයා Monday, 05 September 2022 01:20 PM

රිෂි සුනාක් දිනනු ඇත.

:       10       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site