IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බි‍්‍රටැනිකා විශ්වකෝෂය මුද්‍රණ කටයුතු නවතා ඩිජිටල් මාධ්‍යයට පිවිසෙයි

ලෝක ප‍්‍රකට බි‍්‍රටැනිකා ශබ්දකෝෂය වසර 244කට පසුව මුද්‍රණ කටයුතු අත්හිටුවා සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණයෙන් එළිදැක්වීමට සූදානම්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි. මුද්‍රණ කටයුතු නවතා දමා නව තාක්ෂණය හා මුසු වීමට අප අදහස් කළේ මීට මාස කිහිපයකට පෙර සිට යැයි බි‍්‍රටැනිකා විශ්වකෝෂයේ සභාපති ජෝර්ජ් කෲස් පැවසීය. 1990 වසරේදී වෙළුම් 32කින් යුත් බි‍්‍රටැනිකා විශ්වකෝෂයේ කට්ටල 120,000ක් ඇමෙරිකාවේදී අලෙවි වී අතර අන්තර්ජාලය පැමිණීමත් සමඟ එම අලෙවිය සීඝ‍්‍රයෙන් පහළ ගියේය. ඒ අන්තර්ජාලයට එක්වූ විකිපීඩියා මාර්ගගත විශ්වකෝෂයේ පැමිණීමත් සමඟය. බි‍්‍රටැනිකා විශ්වකෝෂය අන්තර්ජාලයට මුලින්ම එක් කරනු ලැබූයේ 1994 වසරේදී වන අතර එය අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන් අතර දැනුම ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස බෙහෙවින් ජනප‍්‍රිය විය. මෙම නව පියවරත් සමඟ ලෝකය පුරා විසිරී සිටින මිලියන ගණනක් වන ජනතාව තම විශ්වකෝෂය වෙත ආකර්ශනය කර ගත හැකි බව එහි සභාපතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

බි‍්‍රටැනිකා විශ්වකෝෂය මුද්‍රණ කටයුතු නවතා ඩිජිටල් මාධ්‍යයට පිවිසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site