ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් 13 වැනි 'බ්‍රික්ස්' සමුළුව ආරම්භ විය. 'බ්‍රික්ස්' යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවෙන් පැවැත්වෙන ආර්ථික, වෙෙළඳ සහ දේශපාලනික සහයෝගීතා සමුළුවය.
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් සමුළුව වීඩියෝ 'සූම්' තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු අතර, රාජ්‍ය නායකයෝ සියලු දෙනා ඊට එක් වූහ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අමතරව, බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන්ය.
මෙවර සමුළුවේදී වැඩි අවධානය යොමු වූයේ 'කොවිඩ් 19' ගෝලීය වසංගතය කෙරෙහිය. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය ගැනත්, එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන ආතාරය ගැනත් වයිරස වසංගතය හමුවේ ආර්ථික කටයුතුවලට එල්ලවුණු බලපෑම ගැනත් සාකච්ඡා කෙරුණි.
'කොවිඩ් 19' වසංගතය පරාජය කිරීමට ඉන්දියාවත් චීනයත් බ්‍රසීලයත් එකමුතුවිය යුතු යැයි බ්‍රසීල ජනධිපති ජාර් බොල්සරානෝ යෝජනා කළේය. ඉන්දියාවත් චීනයත් නිපදවන එන්නත් වැඩි දියුණු කිරීමට බ්‍රසීල තාක්ෂණය යොදාගත හැකි බව ද බ්‍රසීල ජනධිපතිවරයා පෙන්වා දුන්නේය.
දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා පෙන්වා දුන්නේ, එන්නත්කරණ වැඩසටහන සමානව ලොව සියලු දෙනා අතරේ සිදුවිය යුතු බවය. මෙම අදහස සෙසු බ්‍රික්ස් නායකයෝ අනුමත කළහ.
සමුළුව අතරතුරේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ජින් පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
672
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’බ්‍රික්ස්’ සමුළුව ඇරැඹේ