IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘බි‍්‍රක්ස්’ සමුළුවට ඉන්දියාවට පැමිණි චීන ජනපතිට ටිබෙට් විරෝධතා

ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වන රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘බි‍්‍රක්ස්’ සමුළුව ඊයේ (29) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වූ අතර ඊට සහභාගීවීමට පැමිණි චීන ජනපති හූ ජින්තාවෝට ටිබෙට් ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. සමුළුවට සහභාගීවීමට, චීන ජනපති ඉන්දියාවට පැමිණීමට එරෙහිව විරෝධය පළ කළෝ ටිබෙටයෙන් පිටුවහල්වී ඉන්දියාවේ වාසය කරන ටිබෙට් ජාතිකයෝය. චීනය, ටිබෙට් රට බලයෙන් අත්පත් කරගෙන සිටින බවට ඔවුහු චෝදනා කරති. චීන ජනපතිගේ ඉන්දීය සංචාරයට එරෙහිව විරෝධය පළ කරමින් ඔවුන් නවදිල්ලි නුවර විරෝධතා ආරම්භ කළේ පසුගිය 27 වැනිදාය. නවදිල්ලි පොලිස් නිලධාරීන් එදින එම පිරිස් විසුරුවා හැරීමට කටයුතු කළ අතර සියයකට වැඩි පිරිසක් පොලිස් අත් අඩංගුවට ද පත් වූහ. එම අවස්ථාවේදී එක් ටිබෙට් විරෝධතාකරුවෙක් සිරුරට ගිනිතබා ගෙන ද විරෝධය දැක්වීය. බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ 27 හැවිරිදි ජම්පෙල් යේෂී නමැති එම විරෝධතාකරු කඩිනමින් රෝහල් ගත කළ අතර, ඔහු පෙරේදා (28) රාති‍්‍රයේ ජීවිතක්ෂයට පත්විය. නවදිල්ලි රෝහල් බලධාරීන් ප‍්‍රකාශ කළේ ඔහුගේ සිරුරේ සියයට 98 ක් පිළිස්සී තිබූ බවය. මෙම සමුළුවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු අතර විරෝධතාකරුවන්ගෙන් ඊට කිසිදු බාධාවක් සිදු නොවුණු බව නවදිල්ලි පොලිසිය පවසයි. චීන ජනපති හූ ජින්තාවෝ අමතරව සමුළුවට සහභාගීවන සෙසු රාජ්‍ය නායකයන් වන්නේ බ‍්‍රසීල ජනපතිනී දිල්මා රූසොෆ්, රුසියා ජනපති දිමිත‍්‍රි මෙඞ්වදේව් සහ දකුණු අපි‍්‍රකා ජනපති ජේකොබ් සූමාය. ‘බි‍්‍රක්ස්’ යනු සමුළුවට සහභාගී වන බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අපි‍්‍රිකාව යන රටවල ඉංගී‍්‍රසි නම්වල මුල් අකුරු එක් කිරීමෙන් සැදුණු වදනකි. නවදිල්ලි නුවරට පැමිණි රාජ්‍ය නායකයන් ඉතා හරසරින් පිළි ගනු ලැබුවේ ඉන්දීය අගමැති මන්මෝහන් සිං විසිනි. ඊයේ ඇරැඹුණේ බි‍්‍රක්ස් සමුළුවේ සිවුවැනි සැසිවාරයයි. එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් රට රටවල යටිතල පහසුකම් දියුණු කිරීම, ආර්ථික කටයුතු ඉහළ නැංවීම, වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම ‘බි‍්‍රක්ස් බැංකුව’ නමින් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ද මෙවර සමුළුවේ ප‍්‍රධාන අරමුණ විය. කලහකාරී ලෙස හැසිරුණු ටිබෙට් විරෝධතාකරුවකු  මෙල්ල කරන නවදිල්ලි පොලිස් නිලධාරිහු සමුළුවට සහභාගිවූ රාජ්‍ය නායකයෝ



අදහස් (0)

‘බි‍්‍රක්ස්’ සමුළුවට ඉන්දියාවට පැමිණි චීන ජනපතිට ටිබෙට් විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 108 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site