
ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන රටවල් හතරේ සමුළුව හෙවත් ‘ක්වඩ්’ ආරක්ෂක සහයෝගීතා සමුළුව ටෝකියෝ අගනුවර පැවැත්වෙන අතර, ඊට සහභාගී වීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ජපානය බලා පැමිණියහ.
ඇමෙරිකා ජනාධිපති සමුළුවට ජෝ බයිඩන් පසුගිය සති අන්තයේ ආසියානු සංචාරයක් ආරම්භ කරමින් දකුණු කොරියාවට පැමිණ සිටියේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා ටෝකියෝ අගනුවර බලා පැමිණියේ දකුණු කොරියාවේ සෝල් අගනුවර සිටය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ටෝකියෝ බලා පැමිණියේ ඊයේ (22) රාත්‍රියේ ය. ඉන්දීය රජයේ නියෝජිතයන් පිරිසක් ද මෝදි සමඟ මෙම සංචාරයට එක් වන බව පැවැසෙයි. ඒ අතරේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද සිටී.
ජපන් රජයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. මෝදි සමුළුවට සහභාගී වෙමින් දෙදිනක් පුරා ටෝකියෝ නුවර රැඳී සිටිනු ඇති අතර විවිධ වැඩසටහන් කිහිපයකට ද සහභාගී වෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජපානයේ වෙසෙන ඉන්දීය ප්‍රජාව හමුවීමට ද සූදානමින් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
‘ක්වඩ්’ ආරක්ෂක සහයෝගීතා සමුළුවේ ප්‍රධාන අරමුණ ආසියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමය. ආසියානු සාගර කලාපයේ ආරක්ෂාවට තර්ජන එල්ල වන්නේ උතුරු කොරියාවෙන් සහ චීනයෙනි. උතුරු කොරියාව යළිත් වරක් දිගු දුර මිසයිල සහ න්‍යෂ්ටික මිසයිල අත්හදා බලමින් සිටී. මෙය කලාපීය ආරක්ෂාවට තර්ජනයකි. ‘ක්වඩ්’ සමුළුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇත.
‘ක්වඩ්’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නර්න්ද්‍ර මෝදි අතරේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙනි. එම අර්බුදයේ දී ඇමෙරිකාව රුසියාවට විරෝධය දක්වමින් ප්‍රසිද්ධියේ යුක්රේනයට සහාය පළ කරන අතර, ඉන්දියාව කිසිදු පාර්ශ්වයකට සහාය නොදෙයි. එසේ වුවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුමියාවට පවසා ඇත්තේ යුද ගැටුම් නවත්වා සාමකාමීව, අර්බුදය විසඳා ගන්නා ලෙසය.

සති අන්තයේ පැවැතිඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇන්තනී ඇල්බනීස්, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සහභාගී වන පළමු විදෙස් සංචාරය මෙයයි.
නව අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා හමුවී ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට නියමිතය. ඇන්තනී ඇල්බනීස් අද (23) උදෑසන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, ඉන් පැය කීපයකට පසු ටෝකියෝ බලා පිටත්ව ගියේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්-මෝදි-ඇල්බනීස් ජපානයට