රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එකිනෙකා මුණ ගැසීමට සලස්වා, යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට ඉඩ ලබා දීමට තමන් මැදිහත් වෙන බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා කර අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට නම්, ප්‍රංශ ජනාධිපති මැක්රොන් රුසියන් ජනාධිපති පුටින්ට එක් කොන්දේසියක් ද පැනැවීය. ඒ, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් නොගත යුතුයි යනුවෙනි. රුසියන් ජනාධිපති යළිත් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට අවධාරණය කර ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් නොමැති බවය.
යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සහ රුසියාව අතරේ අර්බුදයක් නිර්මාණය වූයේත්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන්නේත්, යුක්රේනය නේටෝ සංවිධානයට හිතවාදීව කටයුතු කරන බැවිනි. මෙය රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි.
යුක්රේනයේ රුසියන් හිතවාදීන් සිටින පළාත් සහ නගර රැසකි. මේවායේ සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් සිටින අතර, ඔවුන් රුසියාවට සහාය දක්වමින් යුක්රේන හමුදාව සමඟ මේ වනවිට ගැටුම් ආරම්භ කර තිබේ. ඒ, පැවැති සටන් විරාම උල්ලංඝනය කරමින් යැයි යුක්රේන හමුදාව චෝදනා නගයි.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ රුසියන් ජනාධිපති අතරේ දුරකතන සන්වාදයක් මෙන්ම, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අතරේ දුරකතන සන්වාදයක් ද පසුගිය සති අන්තයේ පැවැත්විණි. ප්‍රංශ ජනාධිපතිවරයා, බයිඩන් සහ පුටින් එකිනෙකා හමුවීමට කැමැති කර ගත්තේ ඉන් පසුව යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බයිඩන් පුටින් හමුවෙන්න සූදානම්