IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බයිඩන් පුටින් හමුවෙති

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික හමුව මීට සුළු මොහොතකට පෙර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.

සමුළුව ආරම්භ වූයේ ජිනීවා වේලාවෙන් 1.30 ටය. සමුළුව පැවැත්වෙන්නේ, ජිනීවා විල ආසන්නයේ ඇති 18 වැනි සියවසේ ඉදිකරනු ලැබූ 'විලා දෙ ලා ග්‍රාන්ජේ' මන්දිරයේය.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ පැමිණීම නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි.

'විලා දෙ ලා ග්‍රන්දේ' මන්දිරයට රාජ්‍ය නායකයන් දෙදෙනා පැමිණි විට ඔවුන් පිළිගනු ලැබුවේ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා විසිනි.

බයිඩන් සමග ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද පුටින් සමග රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් ද පැමිණියහ.

එකිනෙකා පිළිගැනීමෙන් පසු බයිඩන් සහ පුටින් අතර සාකච්ඡා ආරම්භ වූයේ මන්දිරයේ පුස්තකාලය පිහිටි ශාලාවේදීය.

1985 වසරේ දී ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් නායක මිහායෙල් ගොර්බචොෆ් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ ද මෙම ‍පැරැණි මන්දිරයේය.

ඇමෙරිකා රුසියා දේශපාලනික කටයුතු සම්බන්ධයෙන්, ස්විට්සර්ලන්තය සැමවිටම මධ්‍යස්ථව කටයුතු තරයි. 1985 වසරේදී රේගන් සහ මිහායෙල් ගොර්බචොෆ් හමුවත්, අද බයිඩන් සහ පුටින් හමුවත් පැවැත්වෙන්නේ එසේ මධ්‍යස්ථව කටයුතු කරන බැවිනි.

(සී.එන්.එන්.)



අදහස් (0)

බයිඩන් පුටින් හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site