ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති සාකච්ඡා සාර්ථක වූ බව පැවැසෙයි.
ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ලෙස රුසියන් ජනාධිපති පුටින් හමුවුණු පළමු අවස්ථව මෙයයි. සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ජිනීවා විල අසල පිහිටි ඓතිහාසික 'විලා දෙ ලා ග්‍රන්දේ' මන්දිරයේය.
සාකච්ඡා පැය 4 ක් හෝ 5 ක් තිස්සේ පැවැත්වේවි යැයි අනුමාන කළත් එය පැය දෙකකින් පමණ අවසන් විය. පළමු වටයේ සාකච්ඡා සඳහා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, රුසියන් ජනාධිපති පුටින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් (විදේශ ඇමැති) ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහභාගී වූහ.
දෙවැනි වටයේ සාකච්ඡා සඳහා මෙම පිරිසට අමතරව, දෙරටේ තවත් නියෝජිතයන් එක් වූහ. පසුගිය කාලය තිස්සේ, ඇමෙරිකාව සහ රුසියාව අතර ඇයිහොඳයිකම් පළුදු වී තිබූ බැවින්, ඇමෙරිකාව එරට රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද රුසියාව එරට ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද නෙරපා දමා තිබුණි. සාකච්ඡාවලින් පසු රුසියාවත් ඇමෙරිකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි වර්ධනය විය.
රුසියාවේ අනුග්‍රහය යටතේ සිදුවුණැයි පැවැසෙන 'සයිබර්' ප්‍රහාර සම්බන්ධයෙන් ද යුක්රේන සහ සිරියානු අර්බුදයට රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් ද රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ද බයිඩන් සහ පුටින් හමුවේ දී සාකච්ඡා කෙරුණි.
සාකච්ඡා අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බයිඩන් වෙනම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ අතර, රුසියන් ජනාධිපති පුටින් ජිනීවා අගනුවර දී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී විය.
බයිඩන් සහභාගී වූ මාධ්‍ය හමුවට රුසියන් මාධ්‍යවේදීන්ට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණේ නැත. කෙසේ නමුත් පුටින්ගේ මාධ්‍ය හමුවට ඇමෙරිකන් මාධ්‍යවේදීහු සහභාගී වූහ.
ඔවුන් අත්අඩංගුවේ පසුවන ඇලෙක්සි නෙවලිනි ගැන ජනපති පුටින්ගෙන් විමසීමක් කළේය. නෙවල්නි අත්අඩංගුවට ගන්නා බව තමන් දැන සිටි බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඔහු වැරදි කළ නිසා බවත් රුසියන් ජනාධිපති පුටින් පිළිතුරු දෙමින් කියා සිටියේය.
ජිනීවා නුවරදීය (ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන් - පුටින් සාකච්ඡා සාර්ථකයි