‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඊයේ (17) ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ද අමතක කළේ නැත.
ජනාධිපති ජෝ බයිඩන්, රැගත් ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය, බ්‍රසීලයේ මනාවුස් නගරයට ගොඩ බෑ අතර, බයිඩන්, සිය ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරාගෙන ඉන්පසු ‘මැරීන් 1’ නිල හෙලිකොප්ටර් යානයේ නැගී ඇමසන් වැසි වනාන්තරයට ගියේය.
පා ගමනින් වැසි වනාන්තරයේ ඇවිද ගිය බයිඩන්, වනාන්තරය මැදදී නොවැම්බර් 17 වැනිදා, ඇමසන් වැසි වානන්තරය ද ඇතුළු ලෝකයේ සෙසු වනාන්තර සංරක්ෂණ දිනය ලෙස නම් කරමින්, ලියවිල්ලකට අත්සන් තැබුවේය.
එම අවස්ථාවට බ්‍රසීල රජයේ නියෝජිතයන්, ඇමසන් ස්වදේශීය ගෝත්‍රික වැසියන්ගේ නියෝජිතයන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බයිඩන් ඇමසන් වනාන්තරයට ගිහිල්ලා