
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ, රිපබ්ලිකන් නායක කෙවින් මැකාර්ති සූදානම් වෙයි.
බලතල අවභාවිත කිරීම, දූෂණ චෝදනා සහ ඇමෙරිකන් ජනතාව මුලා කිරීමේ චෝදනා ජනාධිපති බයිඩන්ට එල්ල කරන බව තමන් සූදානමින් සිටින බවත්, දෝෂාභියෝගය සකස් කරන්නේ එම චෝදනා අනුව බවත් රිපබ්ලිකන් නායක කෙවින් මැකාර්ති මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන්, නිල වශයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ද මැකාර්ති උපදෙස් ලබා දී ඇත.
බයිඩන්ට චෝදනා එල්ල වී ඇත්තේ, ඔහුගේ පුතා හන්ටර් බයිඩන් සම්බන්ධයෙනි. හන්ටර් බයිඩන්, ව්‍යාපාරිකයෙකි. ඔබාමා පරිපාලනය සමයේ ජෝ බයිඩන්, ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හෙබවීය.
එම කාලයේ, හන්ටර් බයිඩන් යුක්රේනය සමඟ සිදු කළ ගනුදෙනු ආන්දෝලනයකට හේතුවක් විය. වර්තමානයේ ජනාධිපති ධුරය හොබවන බයිඩන්ට චෝදනා එල්ල වී ඇත්තේ එම ගනුදෙනු මුල්කොට ගනිමිනි.
ඇමෙරිකා පාර්ලිමේන්තුව හෙවත් ‘කොංග්‍රසය’ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් මෙන්ම සෙනෙට් මණ්ඩලයකින් සමන්විත අතර, පසුගිය ජනවාරියේ සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක්?