IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත.

විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත් කර තිබේ.

ඇමෙරිකන් මාධ්‍ය මීට දින කීපයකට පෙර අනාවරණය කළේ බයිඩන්ට අයත් කාර්යාලයකින් රහස් ලියවිලි කීපයක් හමුවුණු බවය. ධවල මන්දිරය මෙන්ම බයිඩන්ගේ නීතීඥයන් පවා ඒ බව තහවුරු කළේය.

ඇමෙරිකන් මාධ්‍ය අද (13) අනාවරණය කළේ බයිඩන්ගේ ඩෙලවෙයාර් නිවසේ ගරාජයෙන් ද තවත් රහස් ලියවිලි තිබී හමුවුණු බවය. බයිඩන් නිවසේ විවේකීයව සිටිද්දී, වැඩිපුර කාලය ගත කරන්නේ ගරාජයේ යැයි ද පැවැසෙයි.

රහස් ලියවිලි සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව බයිඩන් පවසා තිබේ. එසේ වුවත් නීතිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයට පූර්ණ සහාය ලබා දෙන බව ද බයිඩන් පැහැදිලි කර තිබේ.

බයිඩන් සන්තකයේ රහස් ලියවිලි තිබීම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් ද පවසා තිබේ.

(රොයිටර්)



අදහස් (1)

බයිඩන්ට එරෙහිව විමර්ශනයක්

vira Friday, 13 January 2023 10:24 AM

අපේ රටේ වගේ එහෙ නීතිය හැමෝටම එකයි නේද?

:       20       13

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25231 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18149 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10861 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 589 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site