IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බයිඩන්ගේ ප්‍රකාශය පුටින්ගේ විරෝධයට

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවකු ලෙස හඳුන්වාදීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පියවර ගැනීමත් සමඟ රුසියාවත් ඇමෙරිකාවත් අතර පැවැති සියලු සබඳතා මේ වනවිට බිඳ වැටී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් ජනාපධිති බයිඩන්, පුටින් යුද අපරාධකාරයකු යැයි පැවැසූ පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ මෙම ප්‍රකාශය රුසියානු ජනාධිපති පුටින්ගේ හේතුවක් වී ඇති බව ද බටහිර මාධ්‍ය පෙන්වා දෙයි. රුසියානු ජනාධිපති පුටින් ‘යුද අපරාධකාරයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ, යුක්රේනයට කිසිදු සම්බන්ධයක් නැති උත්සවයකට සහභාගී වී සිටිද්දී, මාධ්‍යවේදීන් පිරිසක් ඔහු වට කරගත් අවස්ථාවේදීය.

බයිඩන් එසේ පවසා ඇත්තේ එම අවස්ථාවේදී ඔහුගේ සිතට නැගුනු සිතුවිල්ලක් අනුව යැයි ධවල මන්දිරය පසුව පැහැදිලි කළේය. කෙසේ නමුත්, බයිඩන්ගේ එම ප්‍රකාශ හේතුවෙන්, රුසියාවත් ඇමෙරිකාවත් අතර පවතින අර්බුදය තව තවත් උත්සන්න වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කළේය.

‘තමන් යුද අපරාධකරුවකු ලෙස හැඳින්වීමට බයිඩන් පියවර ගැනීම සමාව දිය නොහැකි වරදක් යැයි රුසියන් ජනාධිපති පුටින් පවසා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

බයිඩන්ගේ ප්‍රකාශය පුටින්ගේ විරෝධයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 578 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site