IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බීමත් ගුවන් නියමුවා කූඩුවට

බීමත්ව සිටි බව කියන ගුවන් නියමුවකු(37) ගුවන් යානයේ නියමු කුටියේදී අත්අඩංගුවට ගෙන ඇතැයි බීබීසිය වාර්තා කරයි.

අත්අඩංගුවට ගෙන පැය දෙකකට පසු සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඔහුගේ ඇල්කොහොල් මට්ටම සාමාන්‍ය අගයට වඩා තුන් ගුණයකින් වැඩි බවයි.

‘සන්වින්‘ ගුවන් සේවයට අයත් එම ගුවන් යානයේ මගීන් 100 දෙනක් සිටියහ.එම යානය වෙනත් ගුවන් නියමුවකු යොදාගෙන ගුවන් ගමන් ඇරැඹීය.

ඔහුගේ හැසිරීමේ වෙනස් වී ඇති බව දුටු ගුවන් යානයේ කාර්ය මණ්ඩල සේවකයෝ ඒ බව බලධාරීන්ට දැනුම් දුන්හ.

‘ගුවන් යානාවක් භාරව සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කිරීම‘යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොණු කැරිණි.

මින් විශාල ව්‍යසනයක් වන්නට ඉඩ තිබු බවත් මෙවන් විශාල ගුවන් යානාවක් බීමත්ව සිටියදී ගුවන් ගත කිරීමේ හැකියාව අඩු බවත් එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෝල් ස්ටේසි පැවසීය.



අදහස් (0)

බීමත් ගුවන් නියමුවා කූඩුවට

ද සිල්වා බෙර්ලින් Sunday, 01 January 2017 12:55 PM

ලෝකයේ මගී ගුවන් නියමුවන්ගෙන් 20% විතර නිතරම ටිකක් ගහලා ඉන්නේ. ඕනෑම ලොකු මගී ගුවන් යානයක් වුණත් කෝ පයිලට්ට පුළුවන් තනියම ‘ටේක් ඕෆ්‘ කරන්න. ඊටපස්සේ යන්න ඕනෑ මාර්ගය සහ දත්ත ඇතුළත් කරලා ඔටෝ පයිලට් ඔන් කළාම යානය තනිවම පියාසර කරනවා. මේ අතරතුර හීන් අඩියක් ගහන්න ගුවන් නියමුවෝ පුරුදුවෙලා ඉන්නවා (නි)

:       0       0

ඉරාන් Sunday, 01 January 2017 04:34 PM

ඒ රටවල එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

අශිකා Monday, 02 January 2017 03:41 AM

ද සිල්වා නොදන්නා කමට මෝඩ කතා කියන්න එපා. හීනියට ගැහුවත් ලොකුවට ගැහුවත් අරක්කු අරක්කුම තමා, හැම පයිලට් කෙනෙක්ගෙම මුත්‍ර ටෙස්ට් කරන්නේ හීනියට හෝ මහතට ඔය දේ නොකරන්නයි,හැම පයිලට්ලම බොන්නෙත් නෑ, එ්ත් ජාත්‍යන්තර නීතියට අනුව, නව තාක්ෂනය මගින් ඔවුන්ව ගුවන් ගතවීමට කලින් තදින්ම පරීක්ෂා කරනවා, බැරිවෙලාවත් බීල හෝ ඔය ඔය කියන හීනියට ගැහුවත් ජොබ් එක නැතිවෙන එක තමයි වෙන්නේ,,,එ්නිසා සිල්වා බොරුවට බේබද්දන් ෆෝරම් කරන්න එපා.(අ)

:       0       0

ජනහිත Monday, 02 January 2017 06:47 AM

මේකට දඩය 25,000 ක් වෙන්න නම් බැහැ. මොකද පාරක නොගිය නිසා අනතුරු වෙනවා කියන්න බැහැනේ. (නි)

:       0       0

චන්දන Monday, 02 January 2017 10:07 AM

මෛ්වා කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

කරුණාරත්න Monday, 02 January 2017 10:31 AM

අනේ හැබෑටම මෙහෙමත් වගකීමක් නැති මිනිස්සු! (නි)

:       0       0

සරත් Sunday, 01 January 2017 11:32 AM

දැන් ඔන්න ලංකාවේ ගුවන් නියමුවන්ටත් වර්ජනය කරන්න පුළුවන් බීමත් නියමුවන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න කියා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site