දැවැන්ත බැබූනයකු හා විස ඝෝර සර්පයකු පෙන්වා මිනිසුන් බය කර සොරකමේ යන මිනිසෙක් (27) නයිජීරියාවේ ලාගෝස් මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටී.
මොහොමඩ් නෆිව් කුමන්ත්‍රණය කිරීම, මහජන සාමය කඩ කිරීම හා සොරකම යන චෝදනා 5කට ඔහු නිවැරදිකරු බව කියා සිටියේය.පොලිසිය කීවේ බසයකට නැගීමට ගිය පිරිසකගෙන් පුද්ගලයකු හුදකලා කර බැබූන් හා නයා පෙන්වා නයිරා 57000ක් (රුපියල් 38858) සොරකම් කර ඇති බවයි. තවත් තැනකදී ඔහු නයිරා 230000 (රුපියල් 156796) ක්ද පැහැර ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
නයිරා ලක්ෂයක (රුපියල් 68172) පුද්ගල ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.
(නයිජීරියාවේ ද ගාර්ඩියන් පත්‍රයෙනි)
2025 නොවැම්බර් මස 04
480
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2227
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1671
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැබූනයයි නයයි පෙන්නා නයිරා කොල්ල කයි
ලක්ෂිකා Monday, 08 June 2015 05:11 AM
අයි නන්දලාල්, බන්දුල ඉන්නේ (ම)
නන්දලාල්- ප්‍රංසය Monday, 08 June 2015 01:39 PM
''ලක්ෂිකා 2015-06-08 05:11:52 අයි නන්දලාල්, බන්දුල ඉන්නේ"මොකෝ ඒක මට කලින් මතක් කරේ නැත්තේ, ලක්ෂිකා ? (ර)
නුවන් Friday, 05 June 2015 09:06 AM
දෙවියෝ දීපු හැකියාවක් මේක! (ම)
නන්දලාල් - ප්‍රංශය Friday, 05 June 2015 10:55 AM
දැන් ඕක අපේ රටටත් ආදර්ශයක් වේවි. සල්ලි හම්බකරන්න ඕන දෙයක් කරන අපේ අය, විරිත්තන තඩි වඳුරෙක් ගනීවි, බැබූනය වෙනුවට. (නදී)
ටෙන්සිල්. Monday, 08 June 2015 01:15 AM
උසාවියට පෙන්නලා බය කරන්න බැරිවුණාද දන්නේ නැහැ නේද? (නි)
දුමින්ද Saturday, 06 June 2015 03:15 AM
ගිය රජයේ බිහිසුණුකම පෙන්වලා ඡන්දදායකයන් බයකළා වගේ......... (නි)
පිටබැද්දර ජයා Friday, 05 June 2015 12:16 PM
අයියෝ! ඕක මොකක්ද අප්පා ...? පහුගිය කාලේ අපිට නයි පෙන්නලා කෝටි ප්‍රකෝටි ගණන් මංකොල්ල කාපුවට තාම ඇපත් නැහැනේ ! (නි)
විජයවර්ධන Monday, 08 June 2015 03:39 AM
නයිරා වලට වඩා අපේ රුපියල අගයෙන් වැඩියි කියල දකිද්දී හිතට පුදු....ම ආඩම්බරයක් දැනෙන්නේ... (ම)