IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බින් ලාඩන් මරා දැම්මේ හිසට වෙඩි තැබීමෙන්

පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණේ ඔහුගේ හිසට වෙඩි තැබීමෙන් යැයි එම මෙහෙයුමට සම්බන්ධ ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමට අයත් එක් සෙබළකු ලියූ ‘නෝ ඊසි වේ’ නමැති කෘතියේ සදහන් වෙයි. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා 2011 වසරේ දී කළ ඝාතන මෙහෙයුමේ සවිස්තරාත්මක විස්තර  මෙම කෘතියට ඇතුළත් වන අතර එය ලබන 4 වැනිදා එළිදැක්වීමට නියමිතය. කෘතිය රචනා කර ඇත්තේ බින්ලාඩන් ඝාතන මෙහෙයුමට සම්බන්ධ වී, මේ වනවිට හමුදාවෙන් විශ‍්‍රාම ගොස් සිටින නේවි සීල් භටයෙකි. මාක්  ඕවන් යන නමින් ඔහු මෙම කෘතිය රචනා කර ඇත්තේ ඇමෙරිකා මාධ්‍යවේදියකු වන කෙවින් මොරර් සමඟ ද හවුල් වෙමිනි. අනන්‍යතාව හෙළි නොකරන එම සෙබළා පවසන්නේ බින් ලාඩන් මෙහෙයුම ගැන නොයෙක් දෙනා නොයෙක් විධියේ කතා පතුරුවන බවත් ඒ ගැන සැබෑ තොරතුරු ලොවට හෙළි කිරීමට තමා බලාපොරොත්තු වන බවත්ය. බින් ලාඩන් ඝාතන මෙහෙයුම ඇසුරින් ‘සීරෝ ඩාක් තර්ටි’ නමින් ත‍්‍රාසජනක කි‍්‍රයාදාම හොලිවුඞ් චිත‍්‍රපටයක් ද නිර්මාණය වී ඇති අතර එය මේ වසරේ දෙසැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතය.



අදහස් (0)

බින් ලාඩන් මරා දැම්මේ හිසට වෙඩි තැබීමෙන්

මධු Sunday, 02 September 2012 02:02 AM

එක අතකට මරලා මුහුදට දාපු එක හොදයි කරලා තියෙන දේවල් වල හැටියට..!!(නු)

:       0       0

ඩියෝ Saturday, 01 September 2012 02:45 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)

:       0       0

සිල්වා Friday, 31 August 2012 02:51 PM

බලාගෙන. සෙබළත් අමාරුවේ වැටෙන්න පුලුවන්. (නි)

:       0       0

රවිමල් Saturday, 01 September 2012 07:49 AM

ඇමෙරිකාව ලෝක ත්‍රස්තවාදය ගෙනෙන්න මුල් වුණත් දැන් ඒකේ පළවිපාක විදිනවා. (නි)

:       0       0

කුමාර Sunday, 02 September 2012 10:46 AM

රිෂාඩ්ට පිස්සු. (නි)

:       0       0

නිමල් Friday, 31 August 2012 04:35 PM

මරුනේ. මම හිටියා නම් තව දේවල් කරනවා. (නි)

:       0       0

රිම්සි Monday, 03 September 2012 11:31 AM

මේක නිසා නේටෝ හමුදාව ඉල්ලන් කනවා..(ස)

:       0       0

රිෂාඩ් Saturday, 01 September 2012 10:21 AM

බින් ලාඩන් කියෙන්නේ අහිංසක ඉංජිනේරුවෙක්. ඔහුව ත්‍රස්තවාදියෙක් කළේ ඇමෙරිකාවයි. අපි මුස්ලිම්වරුන් වශයෙන් සාමයෙන් ජීවත් වෙන්න කැමතියි. (නි)

:       0       0

ෆාරුක් Saturday, 01 September 2012 11:43 AM

දැන් ඉතින් වැඩක් නැහැ මැරිලා ඉවරයි නේ (දී)

:       0       0

ෂහාන් දියානායක Friday, 31 August 2012 08:40 PM

කොහොම වූණත් දැන් මැරිලා ඉවරයි.

:       0       0

බණ්ඩාර Friday, 31 August 2012 09:37 PM

ප්‍රභාකරන්ට වුණෙත් මේ ටිකම තමයි (අ)

:       0       0

පාලිත Saturday, 01 September 2012 10:26 PM

මෙයා ඉන්නකම්ම හොද වැඩනම් කළේ නැහැ..!!(නු)

:       0       0

පාලිත Saturday, 01 September 2012 10:21 PM

රිෂාඩ් බින් ලාඩන්ගේ අහින්සකකම ගැන කතා කරන්න තමුන්ට ලැජ්ජා නැද්ද?(නු)

:       0       0

අමිල කටුනායක Friday, 31 August 2012 11:56 AM

ඇමෙරිකාව තමයි ලෝක ත්‍රස්තවාදය ඇති කළේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site