අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු හැටි සහ එම ඝාතන මෙහෙයුම සම්බන්ධයෙන් එම මෙහෙයුමට සම්බන්ධ වුණු ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භට කණ්ඩායමට අයත් එක් සෙබළකු ලියූ ‘නෝ ඊසි වේ’ නමැති කෘතියට එරෙහිව නීති මගින් කි‍්‍රයා කිරීමට ඇමෙරිකන් රජය සූදානම් වේ.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එම පොත එළිදැක්වීමෙන් සහ එම පොතෙහි අඩංගු කරුණු ලොවට හෙළි කිරීමෙන් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවය.
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා 2011 වසරේ දී කළ ඝාතන මෙහෙයුමේ සවිස්තරාත්මක විස්තර ඇතුළත් මෙම කෘතියට ඇතුළත් වන අතර එය ලබන 4 වැනිදා එළිදැක්වීමට නියමිතය.
පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැමුණේ ඔහුගේ හිසට වෙඩි තැබීමෙන් යැයි ‘නෝ ඊසි වේ’ නමැති එම කෘතියට ඇතුළත් වෙයි.
කෘතිය රචනා කර ඇත්තේ එම මෙහෙයුමට සම්බන්ධ වී, මේ වනවිට හමුදාවෙන් විශ‍්‍රාම ගොස් සිටින නේවි සීල් භටයෙකි. මාක් ඕවන් යන නමින් ඔහු මෙම කෘතිය රචනා කර ඇත්තේ ඇමෙරිකා මාධ්‍යවේදියකු වන කෙවින් මොරර් සමඟ ද හවුල් වෙමිනි.
කෙසේ නමුත් ඇමෙරිකාවේ ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය පවසන්නේ ‘නෝ ඊසි වේ’ කෘතිය හරහා ජනපති බැරැක් ඔමාබා මැතිවරණ වාසි ලබා ගැනීමට උත්සහ ගන්නා බවටය. ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන නොවැම්බරයේදී පැවැත්වෙයි.
මීට අමකරව බින් ලාඩන් ඝාතන මෙහෙයුම ඇසුරින් ‘සීරෝ ඩාක් තර්ටි’ නමින් ත‍්‍රාසජනක කි‍්‍රයාදාම හොලිවුඞ් චිත‍්‍රපටයක් ද නිර්මාණය වී ඇති අතර එය මේ වසරේ දෙසැම්බරයේ දී තිරගත වීමට නියමිතය. මෙම චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානනීය අධ්‍යක්ෂිකා කැතරින් බිගලෝව් විසිනි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බින් ලාඩන් පොතට එරෙහිව ඇමෙරිකන් රජය නඩු මඟට
කපිල Monday, 03 September 2012 10:12 AM
ඔන්න ප්‍රභාකරන් ගැන පොත් වලට දානවනම් නඩු, අපේ අයටත් පොටක් (ස)
ජගත් Monday, 03 September 2012 10:57 AM
මේ වැඩේ නම් එච්චර හොද නැහැ. (නි)
රාජා Monday, 03 September 2012 06:36 PM
ඇමරිකාවට ත්‍රස්තවාදීන් මරන්න පුලුවන්. අපි මැරුවහම තමයි යුද අපරාද වෙන්නෙ. (නි)
සේනානායක Monday, 03 September 2012 01:00 PM
ඔහොම කරන්නේ ඇමෙරිකාවේ පැටිකිරිය ලෝකයට හෙළිවෙයි කියන බයට. (නි)
අමිල කටුනායක Monday, 03 September 2012 11:11 PM
නඩු කෙසේ වෙතත් ඊට කලින් මෙයා අතුරුදහන් වෙයිද දන්නේ නෑ...(ස)
සුපුන් ඉසන්ක Friday, 07 September 2012 09:29 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (ස)