IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බෙනාසීර් බූතෝ ගෞරව සම්මානය අවුන් සාන් සූ කීට

ද්වී පාර්ශ්වීක වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව මියන්මාරයේ සංචාරයක යෙදෙන පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ඊයේ (26) මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවී ඇයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පිරිනැමෙන ‘බෙනාසීර් බූතෝ’ සම්මානය පිළිගැන්වූයේය. මියන්මාරයේ     ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සහ මියන්මාර වැසියන්ගේ හිතසුව පිණිස ජීවිතය කැප කළ සූ කී ඇගැයීමට ලක් කරමින් එම සම්මානය ඇයට පිරිනමන බව පාකිස්තාන ජනාධිපතිවරයා පැවැසුවේය. නොබෙල් සාම ත්‍යායාගයෙන් ද පිදුම් ලැබූ  සූ කී ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පිරිනැමෙන බෙනාසීර් බූතෝ‘ සම්මානය ඉතා නිහතමානීව පිළිගත් බවද ජනාධිපති සර්දාරි පැවැසීය. ඝාතනයට ලක් වූ බෙනාසීර් බූතෝගේ සැමියා වන්නේ ද ජනාධිපති අල් සර්දාරිය. සම්මානය ප‍්‍රදානය සිදුවූයේ යැංගොන් නුවර පිහිටි සූ කීගේ නිවසේදීය. එම අවස්ථාවට බෙනාසීර් බූතෝගේ සහ ජනපති සර්දාරිගේ දියණිය අෂීෆා ද සහභාගී වූවාය. හමුදා පාලනය අවසන් කිරීමෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මියන්මාර නව සිවිල් රජය, දේශපාලන ප‍්‍රතිසංස්කරණද හඳුන්වා දී ඇත.



අදහස් (0)

බෙනාසීර් බූතෝ ගෞරව සම්මානය අවුන් සාන් සූ කීට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 182 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 58 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site