IMG-LOGO

බන්ධනාගාර ප‍්‍රහාරය ගැන කල්තියා අනතුරු ඇගෙව්වා

වයඹදිග පාකිස්තානයේ බන්නු නුවර බන්ධනාගාරයට තලේබාන් සටන්කාමීන් පහරදේවි යැයි තමන් කල්තියා අනතුරු අඟවා තිබුණු බව එරට බුද්ධි අංශ පවසයි. පසුගිය ජනවාරි 5 වැනිදා තමන් රජයට ලිපියක් යවමින් ඒ බව දැනුම් දුන් බවත් පාකිස්තාන රජය ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ බව පෙනී යන බවත් බුද්ධි අංශ වැඩි දුරටත් කියා සිටියි. බුද්ධි අංශ රජයට යැවූ එම ලිපියේ පිටපතක් විදෙස් මාධ්‍ය වෙත ලැබී ඇති අතර එහි සඳහන් ව ඇත්තේ බන්නු බන්ධනාගාරය තලේබාන්වරුන්ගේ ප‍්‍රධාන ඉලක්කයක් වීමට ඉඩ ඇතැයි කියාය. බන්නු නුවර බන්ධනාගාරයට සටන්කාමීන් පහර දුන්නේ ඉකුත් ඉරිදා (15) ය. එහිදී රැඳවියෝ 400 කට ආසන්න පිරිසක් බේරී පලා ගියහ. පැනගිය එම සටන්කාමීන් අතර 2003 වසරේදී පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් ඝාතනය කිරීමට තැත් කළ අඞ්නාන් රෂීඞ් නමැති තලේබාන් සටන්කාමියා ද සිටියි. තලේබාන් සටන්කාමීන් ඉතා සැලැසුම් සහගතව එම ප‍්‍රහාරය එල්ල කළේ බන්ධනාගාරයේ සිටි ඔවුන්ගේ සාමාජිකයන් බේරා ගැනීමටය. ප‍්‍රහාරය සඳහා ඔවුන් අත්බෝම්බ සහ රොකට් යොදා ගෙන තිබේ.



අදහස් (0)

බන්ධනාගාර ප‍්‍රහාරය ගැන කල්තියා අනතුරු ඇගෙව්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site