පිලිපීන ජනාධිපති සහ උප ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසුම හෙට (9) පැවැත්වෙයි.
ජනාධිපති ධුරය සඳහාත් උප ජනාධිපති ධුරය සඳහාත් අපේක්ෂකයන් 6 දෙනා බැගින් ඉදිරිපත් වී සිටින අතර, ජනමත සමීක්ෂණ අනුව, ඔවුන් අතරින් ඉදිරියෙන් සිටින්නේ, පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග්බොන්ග්ය.
පිලිපීනය මුහුණ දෙන ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදවලට පිළියම් යෙදීමටත්, රට ශක්තිමත් කිරීමටත් තමන් සූදානම් යැයි බොන්ග්බොන්ග් ප්‍රතිඥා දී තිබේ. බොන්ග්බොන්ග්, ෆර්ඩිනැන්ඩ් මාකෝස් සහ බිරිඳ ඉමෙල්ඩාගේ එකම පුත්‍රයා ය. ජනතාව පීඩාවට පත් කළ ඒකාධිපති පාලකෙයකු ලෙස ෆර්ඩිනැන්ඩ් මාකෝස් සැලෙකන අතර, ජනතා මුදලින් 'සුරසැපවිඳි' ජනාධිපති ආර්යාවක ලෙස සැලකෙන්නේ ඉමෙල්ඩා ය. මැය තවමත් ජීවතුන් අතර සිටී.
ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියකු වන බොන්ග්බොන්ග් මේ වනවිට නියෝජනය කරන්නේ 'පී.ඊ.පී' පිලිපීන ජාතික පක්ෂයයි. බොන්ග්බොන්ග් විවාහ වූයේ 1993 වසරේදීය. ඔහුට දරුවන් තිදෙනෙකි. 1980 සිට 83 කාලයේ ඉලොකෝස් නෝටේ පළාතේ උප ආණ්ඩුකාරවරයා ලෙසත්, 1998 සිට 2007 තෙක් කාලයේ ඉලොකෝස් නෝටේ ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කර තිබේ. 2010 සිට 2016 තෙක් කාලයේ පිලිපීන සෙනෙට් මණ්ඩලය නියෝජනය කිරීමට ද බොන්ග්බොන්ග් ට හැකිවිය.
1987 පිලිපීන ව්‍යවස්ථාවට අනුව, එක් ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර 6 ක් පමණි. ඒ අනුව, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ට තවත් ධුර කාලයක් හිමි නොවෙයි. කෙසේ නමුත් පිලිපීන ව්‍යවස්ථාවට අනුව, උප ජනාධිපතිවරයාට සිය ධුර කාලය අවසානයේ, ජනාධිපති ධුරයට ඉල්ලුම් කළ හැකිය.
ඒ අනුව, ඩුටර්ටේගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපති ලෙස කටයුතු කරන ලෙනී රොබ්‍රෙඩෝ ජනාධිපති අපේක්ෂිකාව ලෙස හෙට (9) දිනයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බොන්ග්බොන්ග්ට වැඩි වාසි