IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බෝනික්කනට ‘රෝහලක්‘

බෝනික්කන් සදහාම වෙන්වූ ‘රෝහලක්‘ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වේ.

1913 වර්ෂයේදී ආරම්භ කර ඇති මේ රෝහල පසුගියදා සිය 100 වැනි උපන්දිනයද සැමැරීය.ඕස්ටේ්‍රලියාව

පමණක් නොව ලොව පුරා කුඩා දරුවන් අතින් කඩා බිද දැමෙන බෝනික්කන් හට ‘ප්‍රතිකාර‘ කර ඔවුන් යථා තත්ත්වයට පත්කිරීම මෙහිදී සිදුවේ.බොහෝ දෙනා මේ 21 වන සියවසෙහි ජීවත්වන දරුවන් පරිගණක ක්‍රීඩා ජංගම දුරකථන ඇතුළු විවිධ උපාංග ගැන පමණක් අවධානය යොමු කරතියි සිතුවද අදටත් සිය ආයතනයට අලූත්වැඩියා කටයුතු සදහා බෝනික්කන් ලැඛෙන බව පවසන්නේ රෝහලේ වත්මන් අයිතිකරු වන ජෙෆ් චැප්මන්ය.

ජපානයෙන් බෝනික්කන් ගෙනැවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්නට යෙදුණු මෙය බෝනික්කන් අලූත්වැඩියා කරන තැනට පත්වීම පිටුපස ඇත්තේ රසවත් කතාවකි. ජපානයේ සිට ඕස්ට්‍රේලියාවට නැව්ගත කරන බෝනික්කන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන විට තිබී ඇත්තේ ඉතා දුක්ඛිත තත්ත්වයකය. කරන්නට දෙයක් නොහැකි තැන එදවස හිමිකරු වූ ජෙෆ්ගේ පියා වන හැරල්ඩ් චැප්මන් හට බෝනික්කන් අලූත්වැඩියා කරන්නටද සිදුවිය. මෙසේ කාලයක් වැඩ කටයුතු කෙරීගෙන යද්දී තමන්ට ආනයනය කරන බෝනික්කන පමණක් නොව අලූත්වැඩියා කිරීම සදහා වෙනම බෝනික්කන්ද ලැඛෙන්න ගත්තෙන් හැරල්ඩ් ආනයන කටයුතු වලට ආයුබෝවන් කියා බෝනික්කන්ගේ රෝහල අරඹා ඇත.

එක් අවස්ථාවකදී මෙහි ‘හෙදියන්‘ 70 ක් පමණ දෙනා රාජකාරි කර තිඛෙන අතර පසුගිය වසරේ ගණන් බලා ඇති පරිදි මේ වන විට බෝනික්කන් ලක්ෂ 25 කට පමණ රෝහල විසින් ‘ප්‍රතිකාර‘ ලබා දී තිබේ.අලූත්වැඩියා කරන ලද බෝනික්කෙකු රැගෙන යාමට පැමිණෙන කුඩා දරුවෙකුගේ සිනහව තරම් තමන් සතුටට පත්කරන දෙයක් නොමැති බව ජෙෆ් චැප්මන් කියයි.

.



අදහස් (0)

බෝනික්කනට ‘රෝහලක්‘

සුධීර Sunday, 24 February 2013 03:10 PM

නියමයිනේ. (නි)

:       0       0

ගාමිණී Sunday, 24 February 2013 03:47 PM

බෝනික්කන්ගේ රෝහලක වුණත් නම දාලා තියෙන්නේ බෝනික්කන්ගේ ආරෝග්‍ය ශාලාවක් විදියටනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site