IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බුදුහු ශ්‍රේෂ්ඨතම වෙති

පුරාණ ලෝකයේ ජීවත්වූ දාර්ශනිකන් අතර ගෞතම බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන බව බීබීසී රුපවාහිනිය බ්‍රිතාන්‍යයේ විවෘත විශ්ව විද්‍යාලය සමඟ එක්ව නිෂ්පාදනය කර ඇති අලුත් වාර්තා වැඩසටහන් මාලාවක් මඟින් පෙන්වාදී ඇත.

අගෝස්තු 4  සවස බීබීසී නාලිකා 4 මඟින් විකාශනය කෙරෙන මෙම වැඩසටහන් මාලාවෙන් ක්‍රිස්තු පුර්ව 6 වන සහ 5 වන සියවස් අතර ලෝකයේ ජීවත්වූ දාර්ශනිකයින් තිදෙනෙකු පිළිබඳව සවිස්තරාත්මක සාකච්ජාවක් ඉදිරිපත් කරයි. බුදුන් වහන්සේට අමතරව ක්‍රිස්තු පුර්ව 399 සිට 470 දක්වා ග්‍රීසියේ ජීවත්වූ  සොක්‍රටීස් පඬිවරයා සහ ක්‍රිස්තු පුර්ව 477 සිට 551 දක්වා චීනයේ ජීවත්වූ ගුරුවරයකු සහ දාර්ශනිකයකු වූ කොන්පියුසියස් යන දෙදෙනාගේ දර්ශනයන් පිළිබඳවද මෙම වැඩසටහන් මඟින් තොරතුරු ඉදිරිපත් කර ඇත.

වැඩසටහන ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයකු වන බෙටනි හියුස් විසිනි.

ක්‍රිස්තු පුර්ව 6 වන සහ 5 වන සියවස් අතර ලෝකයේ ප්‍රචලිතව පැවති අද්භූත මිත්‍යා විශ්වාස වෙනුවට තර්කාන්විත සංකල්පනා ඉදිරිපත් කළ දැවැන්ත පුරෝගාමීන් ලෙස පිළිගැනෙන මේ තිදෙනාගේම ආනුභාවය සහ ඔවුන්ගෙන් මිනිස් සමාජයට ලැබුණ ආභාෂය එදා සිට වර්තමානය දක්වාම නොඅඩුව නොවෙනස්ව නොනැසී පැවතීම ඔවුන් කියාදුන් දර්ශනයන්ගේ බලය පෙන්වන්නක් බවද එමඟින් ප්‍රචලිතවූ අපූර්ව බුද්ධිමය ප්‍රවර්ධනය වර්තමානය දක්වාම පැවතීමට තරම් ප්‍රබල වූ බව මෙම වැඩසටහන් මඟින් පෙන්වා දී ඇත.

 



අදහස් (0)

බුදුහු ශ්‍රේෂ්ඨතම වෙති

ලක්මාල් Friday, 07 August 2015 03:51 AM

නිලාන්, ඒ අනෙකුත් දර්ශනිකයන්වත් සුළුවෙන් තැකිය නොහැකියි. ක්‍රිස්තු පුර්ව 6 ලෝකයේ පැවතුනේ චින්තනමය විප්ලවයක්. එකල ලෝකයේ විසු ශ්‍රේෂ්ඨතම දර්ශනවාදීන්ගෙන් ගෞතම බුදුන්ගේ සහ කොම්පියුස්තුමන්ගේ දර්ශනය ආගම් වශයෙන් ප්‍රචලිත වූ අතර සොක්‍රටීස්ගේ සහ කාල්මාක්ස්ගේ සොයාගැනීම් දර්ශනයන් විදියට ඉදිරියට ආවා. මින් අප මහා ගෞතම බුදුන් බුද්ධිය අතින් අසමසමයි. එසේම අනෙකුත් තුන්දෙනා ලෝකයට ඉදිරිපත් කළ දේවල්ද ලගුකළ නොහැක. (නි)

:       0       0

සුරංග Friday, 07 August 2015 03:57 AM

බුදුන්ගේ සහ අනෙක් දාර්ශනිකයන් අතර වෙනස අධ්‍යාත්මික සහ ලෞකික බව අතර වෙනසයි. (නි)

:       0       0

පුබුදු Wednesday, 05 August 2015 10:34 AM

එ්කේ ආයේ වචන දෙකක් නැහැ. (බ)

:       0       0

වජිර ගුණසේකර Saturday, 08 August 2015 03:04 PM

බීබීසී ය කියනකම් තමයි හිටියේ (නදී)

:       0       0

ගිහාන් Saturday, 08 August 2015 03:18 PM

බුදුපියාණන් වහන්සේ පෙරුම් පුරා සොයාගත් මහා පරමාර්ථ ධර්මය නම් "හේතුවත්, ඵලයත් එහි නිරොධයත්" බව සියලු දෙනාටම අවබොධ වේවා! (නදී)

:       0       0

නිලාන් Thursday, 06 August 2015 08:51 AM

මට තේරෙන්නේ නැත්තේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු ආර්ය චින්තනය එක්ක කොහොමද ඔය අනාර්ය දාර්ශනිකයෝ සසදන්නේ කියල.උන්වහන්සේ අසම සම.(ම)

:       0       0

ගිහාන් නදීර Saturday, 08 August 2015 03:28 PM

බුදුපියාණන් වහන්සේ පෙරුම් පුරා සොයාගත් මහා පරමාර්ථ ධර්මය නම් "හේතුවත්, ඵලයත් එහි නිරෝධයත්" බව සියලු දෙනාටම අවබෝධ වේවා! (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 05 August 2015 07:22 PM

මෙය යථාර්ථය සමඟ එකට යන දර්ශනයකි. බුදුන් නුවණින් මුහුකුරාගිය අයෙකි. මෙය වටහා ගතහොත්, ආගම්වාදය ජාතිවාදය මිනිස්සු පිළිකුල් කරති. බුදුන් එයට හොඳ නිදසුනකි. ඉන්දියාවේ ඉපිද සියලු කුලමල ගෝත්‍ර නොතකා සැමටම එක සේ සැළකුවේ එම නිසාය (නි)

:       0       0

විජයබාහු Wednesday, 05 August 2015 10:59 AM

මෙයාල කිව්වත් නැතත් අපි එක දන්නවා (ම)

:       0       0

කසුන් Saturday, 08 August 2015 05:04 PM

වර්තමානයේ විකෘති වු බුද්ධ දර්ශනයට නොව, සත්‍ය බුද්ධ දර්ශනයට ගෞරව කරමි. මිනිසුන් මිත්‍යා දෘෂ්ඨියෙන් වෙලාගෙන ගෙන ඇත. (නදී)

:       0       0

නලින්ද Friday, 07 August 2015 05:55 AM

මේ රට බුදුන්ගේ දේශයයි (ම)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 11:06 AM

අපි බුදුදහමේ නියම ශ්‍රාවකයන් වෙමු (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 07 August 2015 03:56 PM

ඇත්ත ලලිත්. ලොව පුරා ගෞරවයට පාත්‍රවීගෙන එන,යුරෝපීයයන්ගේ මනසටත් සත්‍ය වැටහීගෙන එන වකවානුවක අපගේ නිර්මල බුදු දහමත් සම්බුද්ධ ශාසනයත් රැකගන්න වෙහෙසෙන්න ඕනෑ බුද්ධ පුත්‍රයන්. එක එක පාට පස්සේ ගිහින් ජරාජීර්ණ දේශපාලන මඩ ගොහොරුවේ ගිලෙනවා. (නි)

:       0       0

ධම්ම Wednesday, 05 August 2015 11:15 AM

ගෞතම බුදුන් වහන්සේ අපගේ එකම ශ්‍රේෂ්ඨයාණෝය. ඒ හා සමානවූ අන් කවරෙක් නැත. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 05 August 2015 10:14 PM

අකාලිකෝ, ඒහිපස්සිකෝ යනුවෙන් බුදුන් වහන්සේ දේශනාකළේ, සැම කල්හිම එම ධර්මය සත්‍ය නිසාය. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 05 August 2015 11:39 AM

අවිද්‍යාවට පෙරලා විද්‍යාවට අභියෝගයක් නිර්මල බුදුදහම තව බොහෝ කල් පෘථිවි තලයේ පවතීවා (ම)

:       0       0

චන්දන Friday, 07 August 2015 04:37 PM

සැතපුමට අඟලක බැස්ම ඇති අවුරුදු සිය ගණනක වාරිමාර්ග ඉතිහාසය ගැන කතාකරමින් පිටරටින් තාක්ෂණය යදින අපි නිර්මල බුදුදහම ඇති එකම රට වුවත්, එහි වටිනාකම දර්ශනය ළමා පරපුර වෙත ක්‍රමවත් ලෙස උගැන්වීමට අසමත්වීමෙන් බුදුදහම ගැන නිවැරදිව පැහැදිලි කිරීමට හැකි බෞද්ධයන් අඩුවෙනවා. සංඝයා වහන්සේලාගේ ප්‍රධාන අරමුණු දෙක වන තමන්වහන්සේලාගේ ලෝකෝත්තර දිවිය හා මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම කියන එක ඔවුන්ට අමතකවෙලා. ඒක රටක් ලෙස අභාග්‍යයක් (නි)

:       0       0

අසිතා Wednesday, 05 August 2015 12:11 PM

ඒක ආර්ය පර්යේෂණයක්. මුල,මැද සහ අග සර්ව සම්පුර්ණයි !!! (නි)

:       0       0

ලලිත් Friday, 07 August 2015 06:29 AM

තව ටික කාලයක් යනකොට සුද්දන්ගෙන් තමයි බුදු බණ ඉගෙනගන්න වෙන්නේ අපේ හාමුදුරුවරු පෙළපාලි වලටයි උද්ඝෝෂණ වලටයි, ඡන්ද වැඩ වලටයි ගිහාම. (බ)

:       0       0

බන්දු Friday, 07 August 2015 05:42 PM

බුදුසසුන බැබළේවා! (නි)

:       0       0

චන්න බුවනක Friday, 07 August 2015 06:45 AM

අපි බෞද්ධ වුණත් බෞද්ධ දර්ශනයේ මොන තරම් සුළු දැනුමක්ද අපිට තියෙන්නේ. (බ)

:       0       0

පහන් Wednesday, 05 August 2015 12:59 PM

බුදුදහම ප්‍රශ්න කරන්න කරන්න බැබළෙනවා. (නි)

:       0       0

අනුරාධ. Wednesday, 05 August 2015 01:21 PM

වෙනස්වෙන ලෝකයේ සදාතනික පරම පවිත්‍ර වූ දර්ශනය. (බ)

:       0       0

ලීල් Thursday, 06 August 2015 02:45 AM

සියලුදේ වෙනස්වන විශ්වයේ නොවෙනස්වන එකම දේ වෙනස්වීමම පමණක් බව මේ ලොවට පසක්කළ එකම ධර්මය සහ දර්ශනය මෙයයි. (නි)

:       0       0

ගයාන් Wednesday, 05 August 2015 01:45 PM

බුදු දහම විශ්වාසයන් මත පමණක් පදනම් වූ ආගමක් නෙමෙයි. එය විද්‍යාත්මකයි,තර්කානුකූලයි, විද්‍යාත්මකව හිතන කිසි කෙනෙකුට එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. (නි)

:       0       0

සුනිල් Saturday, 08 August 2015 08:34 AM

මෙතරම් උතුම් දර්ශනයක් ගැන මහා ඉහලින් කතාකරන සැදැවතුන් බොහෝ වෙලාවට හැසිරෙන්නේ නම් හරියට තිරිසන්නුන්ටත් අන්ත විදිහට. කිසිම හික්මීමක් නැහැ. වරද කොතනද? (නදී)

:       0       0

සංජීව Saturday, 08 August 2015 01:46 AM

ඇමරිකාව දැන්ද ඒක හොයාගෙන තියෙන්නෙ පව් (නදී)

:       0       0

අමිත පෙරේරා Saturday, 08 August 2015 09:26 AM

නිලාන්, මාලි ඔබ දෙදෙනාම හරියට හරි (නදී)

:       0       0

කස්තුරිආරච්චි Sunday, 09 August 2015 10:51 AM

නිලාන්, සැබෑ දර්ශනය හදාරන්න (නි)

:       0       0

කස්තුරිආරච්චි Sunday, 09 August 2015 10:55 AM

හරි දේ පිළිනොපැද කොපමණ වැන්ඳත් වැඩක් නැහැ (නි)

:       0       0

චන්න බුවනක Friday, 07 August 2015 08:05 AM

සහතික ඇත්ත ලලිත්ගේ කතාව. හැබැයි හැම හාමුදුරු කෙනෙක්ම නෙමෙයි. (බ)

:       0       0

සම්පත් Friday, 07 August 2015 03:06 AM

බුදුදහම විශ්වයේ පරම සත්‍යයයි. (නි)

:       0       0

මනෝ Wednesday, 05 August 2015 02:55 PM

අපේ අයත් බුද්ධාගම ගැන දන්නේ ටිකයි. එය දර්ශනයක්. ආගමක් විතරක් නෙමෙයි. නායකයා දර්ශනයයි. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 07 August 2015 03:37 AM

ධම්ම චක්කප්පවත්තන දේශනය කියවා බලන්න. (නදී)

:       0       0

රිචි බාලසුරිය Saturday, 08 August 2015 11:44 AM

ලෝකයේ තිබෙන සියලුම දර්ශන වල මුලික දේවල් , අපේ බුදු දහමේත් තියෙනවා, අනික් දාර්ශිනිකයන්ගේ දර්ශනයන් ගැන හැදෑරීමක් නැතිව , සමහරු කරුණු දක්වනවා , බුදුන්ට කලින් තිබුණු යම් ආගම් සහ ඒවායේ කරුණු දක්වපු දාර්ශිනකයන් බුදුන් දුන් අවවාද අනුශාසනා එලෙසෙම කර තිබෙනවා (බ)

:       0       0

මාලි Thursday, 06 August 2015 01:35 PM

නිලාන් ඔබ හරි(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site