ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි අධිකාරිය හෙවත් සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානියා හොර රහසේ තලේබාන් නායකයා හමු වී ඇතැයි ‘ද වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කරයි.
සී.අයි.ඒ. සංවිධානයේ අධ්‍යක්ෂ විලියම් ජේ. බර්න්ස් මෙලෙස තලේබාන් සංවිධානයේ ඉහළම දේශපාලන නායකයා වන අබ්දුල් ඝානී බර්දාර් මුන ගැසී ඇති අතර මෙම හමුව සිදු වී ඇත්තේ කාබුල් නුවර දී . දෙදෙනා හමු වී ඇත්තේ ඉකුත් සඳුදා වන අතර එහිදි ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින කාලය දීර්ඝ කරගැනීම යනාදිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර බලය අල්ලා ගැනීමෙන් පසු ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර සිදු වූ පළමු ඉහළ පෙළේ සාකච්ඡාව මෙය බව ද පැවසේ.
විලියම් ජේ. බර්න්ස් යනු ඇමෙරිකානු විදේශ සේවයේ සිටින ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන අතර බයිඩන් කැබිනට්ටුවේ සිටින වඩාත් සම්මානලාභී අත්දැකීම් බහුලම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස ද හැඳින් වේ.
කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඇමෙරිකානු පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ඇෆ්ගන් වැසියන් බේරාගැනීම ඇමෙරිකානු ඉතිහාසයේ විශාලම සහ වඩාත් දුෂ්කරම මුදාගැනීමේ මෙහෙයුම්වලින් එකක් යැයි ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් දිනෙක පැවැසීය.
මේ සම්බන්ධයෙන් සී.අයි.ඒ. සංවිධානයෙන් විමසුව ද තලේබාන් සංවිධානය සමඟ හමුවක් පැවැති බව පළ වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම එම සංවිධානය ප්‍රතික්ෂේප කළේය.
කෙසේ නමුත් මෙම හමුවේ දී ඇමෙරිකානු පුරවැසියන්, ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශව ඇතුළු පිරිස් අගෝස්තු 31 වැනිදාට පෙර මුදාගැනීම සම්බන්ධයෙන් සී.අයි.ඒ. ප්‍රධානියා සහ තලේබාන් නායකයා අතර සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇතැයි දැනගන්නට ලැබේ.
(ඒ.එෆ්.පී./රොයිටර්)
2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2344
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බුද්ධි ප්‍රධානියා තලේබාන් නායකයා හමුවෙලා