IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බඩවැල් එළියේ

සිරුරෙන් පිටත බඩවැල් පිහිටා ඇති දැරියකට බඩවැල් බද්ධ කර යළි නිසි පරිදි සැකසීමේ සැත්කම් මාලාවක් කිරීමට සිදුව ඇතැයි බ්‍රිතාන්‍යයේ බර්මින්ග්හැම් ළදරු රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් කියති.  

ජෝර්ජියා ඩයමන්ඩ් නමැති මේ දැරිය උපතලබන විටත් ඇගේ බඩවැල් පිහිටා තිබුණේ සිරුරින් පිටතය. ඇය ග්‍රැස්ට්‍රොචිසිස් නැමැති රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.

දැනට මාස 23ක් වයසැති මේ දැරියට ආහාර ලබාදෙන්නේ බටයක ආධාරයෙනි. කෙසේ වුව ද ඇයට බඩවැල් බද්ධ කිරිමේ සැත්කමක් කළ යුතුබව වෛද්‍යවරුන්ගේ මතයයි. දැරයිගේ මව ලිසා ජේම්ස් පවසන්නේ මේ දරුවාට ආහාර ලබාදීමේ දී ඉතා දැඩි අසිරුතාවලට මුහුණ පෑමට සිදුව ඇති බවකි. සියළුම ආහාර බටයකින් ලබා දීම ඊට හේතුවී ඇත.

දැරිය කිසි දිනක ආහාර විකා ගිලීමට වාසනාව ලබා නැත. වෛද්‍යවරුන් පවසන්නේ දැරිය සම්පූර්ණයෙන් ම සාමාන්‍ය තත්ත්වයට ගැනීමේ සැත්කම් සිදුකිරීමට තවත් වසර දෙකක් පමණ බලා සිටිය යුතු බවයි.

උපතලැබූ මොහොතේ පටන් පළමු මාස 14ක කාලයක ළමා රෝහලේ නේවාසිකව සිටීමට ඇයට සිදුවූවාය. ඉතා අසීරු සැත්කම් හතකින් පසු පසුගිය නොවැම්බරයේ සිය පියා හා මව සිටින නිවසට යාමට ඇයට හැකියාව ලැබිණි.

බර්මින්ග්හැම් රෝහලේ දී ඉදිරි සැත්කම් කිරීමෙන් පසු තම දියණිය සම්පූර්ණ සුවය ලබනු ඇතැයි ඇගේ මව ජේම්ස් මහත්මිය විශ්වාසය තබා සිටියි.

වෛද්‍යවරු පවසන්නේ වසරකට බ්‍රිතාන්‍යයේ උපතලබන දරුවන් අතරින් 3000ක් පමණ මේ රෝගයට ගොදුරුවන බවයි.

todler 1 todler 2 todler 3



අදහස් (0)

බඩවැල් එළියේ

මාලි Thursday, 28 August 2014 02:07 AM

ඡායාරූපයකින් අපිට ඒ බව පෙන්වන්න පුලුවන්ද? (නි)

:       0       0

ජයත් Wednesday, 27 August 2014 12:34 PM

මේ වගේ විශ්ව කර්ම ශල්‍යකර්ම කරන්න පුළුවන් උදවිය අපේ රටෙත් ඉන්නවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් අතරේ සේරිවාණිජලත් හරියට ! (අ)

:       0       0

තබිත Wednesday, 27 August 2014 07:30 AM

මොකක්ද මේ රෝගය (නදී)

:       0       0

සමන් Wednesday, 27 August 2014 07:31 AM

අපේ රටේ නම් මැරිලා (නදී)

:       0       0

සුජානි Thursday, 28 August 2014 04:39 AM

චුටි දුවේ ඔයාට දීර්ඝායුස ලැබේවා. එක්මනින් සුවපත් වේවා. (අ)

:       0       0

ග.ද. ජයතිස්ස Wednesday, 27 August 2014 09:04 AM

ලස්සන දරු පැටියෙක්. දුවේ ඔබට ඉක්මන් සුවය පතනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site