IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බඩදරු මව මඟුල කඩයි

අනියම් පෙම්වතියකගේ පැමිණීමෙන් විවාහ උත්සවයක් අවුල් ජාලයක් වූ අවස්ථාවක් පිළිබඳ චීනයේ ෂෙන් සෙන් නගරයෙන් වාර්තා වේ.

මංගල උත්සවය පැවැත්වෙන අවස්ථාවේ මංගල ගවුමකින් සැරසී ශාලාවට පැමිණි ගැබිනි කාන්තාවක් මනාළ යුවළ ඉදිරියට ගොස් ඇත. එහිදී නැගී සිටි මනාලිය ‘ගබ්සාවක් කර නොගෙන ඔබ මෙතෙනට ගැබ උස්සන් ඇවිත් අපිට අවමන් කරනවා’ යැයි කියමින් ඇයට බැණ වැදුණාය.

‘මොහු මෙතරම් නරක මිනිහකු බව  කියා මම දන්නේ නැතැයි ගැබිනිය අපිට දොස් නගා ඇත. පසුව දෙදෙනා අතර දරුණු සටනක් ආරම්භ විය.

ටික වේලාවක් පැවති සටන මනාළයා සහ තවත් කිහිප දෙනෙක් ඉතා වෙහෙසක් දරා ඔවුන් දෙපැත්තට කර තිබේ. මනාළයා දෙසට හැරුණ මනාළිය ඔහු වේගයෙන් ඉවතට තල්ලූ කළාය.

ඉන් පසු දබර කර මහන්සි වූ දෙදෙනාම මනාලයාට බනිමින් බිම හිඳ අඬීමට පටන් ගත්හ.

 



අදහස් (0)

බඩදරු මව මඟුල කඩයි

චමත් ඉතාලිය Saturday, 30 November 2013 01:01 AM

ඇයි කුමාරි,ඔයා දන්නා කෙනා කියලද හිතුවේ? මොකද්ද කුමාරි හැමතිස්සෙම ලංකාවට මඩ ගහන්නමනේ බලාගෙන ඉන්නේ? (නි)

:       0       0

රමණී Friday, 29 November 2013 09:25 AM

අනේ අපි ගැහැණු කවදාවත් වරදේ බැඳෙන්නේ නෑ. (නදී)

:       0       0

ජිල් Saturday, 30 November 2013 04:23 AM

අනේ මගේ වෙඩින් එකත් අත ළඟ. මට නම් හරිම බයක් හිතෙනවා. (නි)

:       0       0

කුමාරි Thursday, 28 November 2013 11:07 PM

එතකොට තව ගැහැණු ළමයෙක්වත් අමාරුවේ දමලා ඉන්නවා කියල දැනගෙනමයි මනාලිය බදින්න සූදානම් වෙලා තියෙන්නේ? ඕකනේ කියන්නේ... ගැනියකගේ දුක තවත් ගැහැනියක් තේරුම් ගන්නෙ නැති එකේ විපාකේ? (නි)

:       0       0

සත්‍යයපාල Saturday, 30 November 2013 07:11 AM

කුමාරණ, උප්පැන්නය කියන්නේ නිකන් කඩදාසියක් විතරයි. උප්පැන්නය තිබුනත් නැතත් තාත්ත තාත්තයි. උප්පැන්න සහතිකය කියන එක මෑතකදී ලංකාවට ආවෙත්. නමුත් අපේ ජාතිය සංස්කෘතිය අවුරුදු දහස් ගණනක් ඕක නැතිවත් පැවතුනා. කොළ කැබැල්ලක් නොව මනුස්සකමයි වැදගත්. (නදී)

:       0       0

රේණුකා Friday, 29 November 2013 01:55 AM

කුමාරණ, ගැහැනුන්ටම දොස් කියන්න එපා සහෝදරයා. (නි)

:       0       0

පල්ලෙවෙල Friday, 29 November 2013 01:32 PM

රමණි,ඔය නැහැ කියන අය තමයි වැඩිය වරදෙ බැදෙන්නේ (නි)

:       0       0

මධු Thursday, 28 November 2013 06:36 PM

මනමාලයා ලංකාවේ කෙනෙක්ද? (නි)

:       0       0

රදීප් Sunday, 01 December 2013 01:28 AM

ගැහැණු කවුරුද වරදෙ නොබැදෙන.... (නි)

:       0       0

කුමාරණ Thursday, 28 November 2013 07:26 PM

එතකොට බඳින්න කලින් මොකද ළමයි හදා ගත්තේ? ඉපදෙන ළමයට උප්පැන්නයවත් දෙන්න පුලුවන්ද?පිරිමින්ටම දෙස් දෙවොල් දෙන්නේ නැතිව ගැහැණු අයත් දැන ගන්න ඕනේ පරිස්සම් වෙන්න.(නදී)

:       0       0

අනු Friday, 29 November 2013 02:31 PM

දෙන්නම වැරදී. පව් අහිංසක දරුවා.................. (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:39 PM

ඒ ඒ අය දැනගන්න ඕනෑ තමන් ප්‍රවේශම් වෙන්න (නි)

:       0       0

සුමිත් Friday, 29 November 2013 02:43 PM

රමණි ඔය ඇත්තමද , නැත්නම් හීනෙන්ද දොඩවන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site