IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බටහිර හමුදා කටුසු ඇඳුමක් සොයයි

මිනිසුන් හිටිගමන් අදිසි මිනිසුන් කිරීමේ ඇඳුමක් ඇමරිකාවේදී අත්හදා බැලූ බ්‍රිතාන්‍ය හමුදාව මෙම ඇඳුමට වහ වැටී සිටින බව ලන්ඩන් ආරංචි කියයි.

මහා බ්‍රිතාන්‍යයේ තෙවැනි රයිෆල් බළ ඇණියේ සෙබළුන් ‘වා ටෙක්‘ නමින් හැඳින්වෙන මෙම ඇඳුමින් සැරසුණු බවත් අධෝරක්ත කිරණට හා උණුසුම සොයා යන උපකරණ වලටද මෙම ඇඳුම අසු නොවන බවත් ලන්ඩනයේ ‘ද මේල්‘ පත්‍රය කියයි.

වෙස් වළාගෙන සිටිය හැකි බව කියන මෙම රෙද්ද ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය හමුදා සිය බළධාරීන්ගෙන් ඉල්ලා ඇත.

‘ඒක හරි ලස්සන ඇඳුමක්‘ කෝප්‍රල් ටිරෝන් හූල් කීවේය.

වා ටෙක් නම් මෙම ඇඳුම ඇඳසිටින විට සතුරාට ද නොපෙනෙන බවත් උණුසුම සොයා යන නවීන තාක්ෂණ උපකරණ හා අධෝරක්ත ග්‍රාහක මගින්වත් සතුරු පාර්ශ්වයට තමන් සොයාගත නොහැකි වූ බවත් එම බ්‍රිතාන්‍ය බළ ඇණිය කියයි.

මෙම තාක්ෂණය මුලින්ම සොයා ගෙන ඇත්තේ ඇමරිකාවේ ඉලිනෝයි සරසවිය හා කැලිෆෝනියාවේ මැසචුසෙට් තාක්ෂණ ආයතනය යි. ත්‍රස්තවාදීන් පිළිබඳ ඔත්තු බැලීමට හැකිවන මෙම අදිසි ඇඳුම ලන්ඩන් යුද හමුදාව දැන් අත්හදා බලයි.  

මේ අතර ඇමරිකාව පවසනුයේ මෙම අදිසි ඇඳුම ඇමරිකා යුද හමුදාව මාස 18කින් අත්හදා බලන බවයි. සටන් බිමේදී කටුස්සකු සේ පාට වෙනස් කළ හැකි ඇඳුමක් සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි ඇමරිකා යුද හමුදාව එරට සමාගම්වලට යෝජනා කළේය.

286CD3FF00000578-0-image-a-10_1431027665952 191476E6000005DC-0-image-a-4_1431026314739

325FF30500000578-0-image-a-30_1458436246680invisisble2016-03-23 RIFLES-TRAINING-PIC



අදහස් (0)

බටහිර හමුදා කටුසු ඇඳුමක් සොයයි

සුමිත් Friday, 25 March 2016 06:27 AM

මේක ත්‍රස්තයන් අතට ගියෝත් ඔක්කොම විනාශයි (බ)

:       0       0

සනත් Thursday, 24 March 2016 04:33 PM

ෆෙඩ්රික්, තුවක්කුවටත් ඒකම අන්දවනවා. (නි)

:       0       0

දුමින්ද Monday, 28 March 2016 08:39 AM

කටුසු ඇඳුම අපේ රටට හොඳයි. (ර)

:       0       0

චාමර Friday, 25 March 2016 08:05 AM

බණ්ඩාර, මිනිස් මොළයේ මෝඩකමේ තරම හිතාගන්න පුළුවන් අබේරත්නගේ ප්‍රශ්නය ගැන හිතුවහම. (නි)

:       0       0

නදුන් දිසානායක Monday, 28 March 2016 08:55 AM

ඕක සාමාන්‍ය වෙලඳ පොලට දාන්න එපා. අපේ අය ඒකෙන් කරන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..(බ)

:       0       0

ටෙහාන් Friday, 25 March 2016 08:40 AM

ඉතා හොඳ වැදගත් පුවතක් (නි)

:       0       0

වජිරා Thursday, 24 March 2016 10:13 PM

දියුණුවේ රහස. නව නිර්මාණ සදහා සදහා අදහස් හා යෝජනා එක්රැස් කිරීම. (අ)

:       0       0

වජිර Thursday, 24 March 2016 10:18 PM

විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන හරහා නව නිර්මාණ සදහා අදහස් හා යෝජනා විමසා සිටීම දියුණුවේ මාර්ගයයි.(අ)

:       0       0

විශ්ව Monday, 28 March 2016 10:35 AM

විස්මිත සොයාගැනීමක්. (ර)

:       0       0

සමන් Saturday, 26 March 2016 06:24 AM

යුද රහස් ප්‍රසිද්ධ නොකල යුතුයි. (ර)

:       0       0

ෆෙඩ්රික් Thursday, 24 March 2016 12:19 PM

එතකොට වෙඩි තියද්දි තුවක්කුව, එ්ක පේනවා නේද (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Friday, 25 March 2016 05:07 AM

මිනිස් මොලයක දියුනුවේ ප්‍රමාණය කොතරම්ද (බ)

:       0       0

අබේරත්න Friday, 25 March 2016 05:18 AM

සතුරාටත් ඔය ඇඳුම ගිය දාට තමයි ප්‍රශ්නේ.....(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site