ඊශ‍්‍රායල හමුදා සෙබළුන් සහ පලස්තීන වැසියන් අතර ඊයේ (3) බටහිර ඉවුරේ හටගත් දරුණු ගැටුමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
තුවාල ලැබූවේ පලස්තීන වැසියන්ය. ගැටුම හට ගත්තේ ඊශ‍්‍රායල සෙබළුන් පලස්තීන තරුණයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගනිද්දීය.
බටහිර ඉවුර යනු පලස්තීන පාලන ප‍්‍රදේශයකි. ඊශ‍්‍රායල හමුදා හමාස් සටන්කාමීන් සොයා එම වැටැලීම කළේ එළවළු වෙළෙන්ඳන් ලෙස වෙස්වලා ගෙනය. වැටැලීම සිදුවුණේ බටහිර ඉවුරේ උතුරින් පිහිටි ප‍්‍රදේශයකය.
ඊශ‍්‍රායල හමුදා බටහිර ඉවුරේ මේ අයුරින් වැටැලීම් සිදු කරන්නේ පලස්තීන රජයේත් එරට ආරක්ෂක අංශවලත් සහාය ඇතිවය. එහෙත් ඊයේ සිදුකළ එම වැටැලීම පලස්තීන රජයට හෝ ආරක්ෂක අංශවලට හෝ දැනුම් දී නොතිබුණි.
පලස්තීනය යනු සරණාගත රාජ්‍යයකි. පලස්තීනුවන් ජීවත් වන්නේ ගාසා තීරය යනුවෙන් හැඳින්වෙන කුඩා බිම් තීරුවේ සහ බටහිර ඉවුරේය.
ගාසා තීරය හමාස් පාලනයට යටත් වන අතර පලස්තීන අගමැති මොහොමඞ් අබ්බාස් ප‍්‍රමුඛ ෆාටා සංවිධානය විසින් පාලනය කරනු ලබන්නේ බටහිර ඉවුරය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බටහිර ඉවුරේ ඊශ‍්‍රායල පලස්තීන ගැටුම් ඇවිලේ