මගින් 173 දෙනෙක් රැගෙන මධ්‍යම පිලිපිනයේ වරායෙන් පිටත්වු බෝට්ටුවක් පෙරලිමෙන් අවම වශයෙන් 36 දෙනෙක් මියගොස් ඇතැයි ද බේරාගත් පිරිස 118ක් යැයි ද පිලිපීන වෙරළාරක්ෂකයන් පැවසුවේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම්.බී. නිර්වාණ නැමැති බෝට්ටුව ලීටෙ ප්‍රදේශයේ ඔර්මොක් නගරයෙන් නැගෙනහිර සිබුහි කැමෝට්ස් දිවයිනේ පිලර් වරාය දක්වා යාත්‍රා කිරිමේදි මෙම අනතුරට මුහුණ පා තිබේ.
මෙම බෝට්ටුව මීටර් 27 ක් දිගැති එකක් බව පිලිපින වෙරළාරක්ෂක බලකායේ ලුතිනන් ක්‍රිස්ට්‍රෝපර් ගැනෙට් පවසා ඇත. ඔහු තවදුරටත් පැවසුවේ අනතුරින් ගලවා ගත් පිරිස් ඔර්මොක් රෝහලට ඇතුලත් කල බවයි. පිලිපීනයේ රතුකුරුස සංවිධානය පවසන්නේ අධික සුළං හේතුවෙන් බෝට්ටුව පෙරැළී ඇති බවයි. මෙම බෝට්ටුව කුඩා එංජිමකින් පණගන්වා ඇති බවද පැවසේ. මෙවැනි යාත්‍රා මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනයට, මෙන්ම ධීවර කටයුතුවලටද පිලිපිනයේ බහුල ලෙස යොදා ගැනේ.
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝට්ටුවක් පෙරැළී 36ක් මරුට