
චීන රජය විසින් සිදුකරනවා යැයි කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිෂෙල් බැචලේ චීනයට පැමිණ සිටී.
මිෂෙල් බැචලේ දින 6 ක් චීනයේ රැඳී සිටිනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානියා චීනයට පැමිණියේ චීන රජයේ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ ආරාධනාවක් පිළිගනිමිනි.
චීනයේ බටහිර දෙසින් පිහිටි සිංග්ජියැං පළාතේ චීන උයිගුර් මුස්ලිම්වරු වාසය කරති. චීන රජය මෙම මුස්ලිම්වරුන් දැඩි ලෙස මර්දනයට ලක් කරන බවටත්, ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවටත් චෝදනා එල්ල වෙයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට දොස් පවරමින් සම්බාධක පැනැවීම් ද කර තිබේ.
දශක දෙකක් තිස්සේ උයිගුර් මුස්ලිම්වරුන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීමේ අරමුණින් මිෂෙල් බැචලේ සිංග්ජියැං පළාතේ සංචාරය කරනු ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැචලේ දින 6 ක් චීනයේ