IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බංග්ලාදේශ දේශපාලනඥයකුට මරණ දඬුවම

පකිස්තානයට එරෙහිව 1971 ජාතික නිදහස් සටනේදී දාමරික ක්‍රියා සහ සමූල ඝාතන සම්බන්ධයෙන් බංග්ලාදේශයේ ප්‍රධානම ඉස්ලාමීය පක්ෂය වන ජමාල් ඉ ඉස්ලාමි පක්ෂයේ නායක මෞතියර් රහුමාන් නිසාමිට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් ආරංචි කියයි.

යුද අපරාධ සම්බන්ධයෙන් පසුගිය වසරේ සිදුකළ විශේෂ අධිකරණ ක්‍රියාවලියකින් පසු ජනසංහාරය, මිනී මැරුම්, වද හිංසා පැමිණවීම්, දූෂණ සහ දේපළ වැනසීම යන චෝදනා 16ක් යටතේ නිසාමිට දඬුවම් නියම කැරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලේ ප්‍රධානී සුරේන්ද්‍ර කුමාර් සිංහා අද (6) නිසාමි ඉල්ලා තිබූ ඇපැල් ප්‍රතික්ෂේප කළේය. ජනපති සමාව ලැබුණොත් පමණක් ඔහුට මරණ දඬුවමින් ගැලවිය හැකි බව එරට ආරංචි පවසයි.

බංග්ලාදේශ ආරංචි කියනුයේ යුද සමයේදී පකිස්තාන හා එරට සොල්දාදුවන් එකතුව මිලියන 3ක පමණ පුද්ගලයන් ඝාතනය කර ඇති බවත් කාන්තාවන් ලක්ෂ 2ක් පමණ දූෂණයට ලක් කර ඇති බවත්ය.



අදහස් (0)

බංග්ලාදේශ දේශපාලනඥයකුට මරණ දඬුවම

චමින්ද Wednesday, 06 January 2016 11:06 AM

පිටිගල .... මෙතන වෙලා තියෙන්නේ බංග්ලාදේසේ උන් පාකිස්තානේ ට සෙට් වෙලා බංගලාදේසේ උන්වම මරල. එ්කටයි දඩුවම් දෙන්නේ. ඔයා බලාගෙන ඉන්නේ කොටි මරපු අයට දඩුවම් ලැබෙනකම්ද? (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 06 January 2016 12:19 PM

අපේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් ටිකත් බංග්ලාදේසේට යවන්න බැරි එක ගැන හිතට අමාරුයි. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 January 2016 07:06 AM

ලංකාවේද මෙලෙස නීතිය අකුරටම සිදුවෙයි කියා අපි බලාගෙන ඉන්නවා. කිසිවෙකු දුප්පත් ජනතාවගේ මුදල් හොරකම් කර ඇත්නම්, මිනීමරා ඇත්නම් ඔවුන්ටද බංගලාදේශය මෙන් දඬුවම් කළයුතුයි. (නි)

:       0       0

සමන් Wednesday, 06 January 2016 12:41 PM

චමින්ද තමුන් නින්දෙන් අවදිවෙලාද .පහුගිය කාලේ අවනීතියෙන් මැරුවේ කොටිද.කොටි ඝාතන ත්‍රස්තවාදී නැගීමක ප්‍රතිපල. දකුණේ ඝාතකයන්ටත් මරණ දඬුවම දියයුතුයි (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 January 2016 12:57 PM

චමින්ද, මම කියා ඇත්තේ දුප්පත් ලාංකිකයින්ගේ ජාතික ධනය හොරා කාපු අයට දඬුවම් දෙන්න කියා. ඔයාමනේ අදහස් කරලා තියෙනේ කොටි මරපු අයයි හොරුයි දෙගොල්ලම එක කට්ටියක් කියලා. (බ)

:       0       0

මහේෂ් Thursday, 07 January 2016 04:42 AM

මේ මරල නැති කරලා තියෙන්නේ ඉස්ලාම් නොවන බංගලාදේශ් වැසියන්.... දුෂණය කරලා තියෙන්නේ ඉස්ලාම් නොවන කාන්තාවන්..... මේ දෙය සිද්ධ වුනේ බංගලාදේශ් ඉස්ලාම් රාජ්‍යයක් කරන්න ඉස්ලාම් අය කරපු සටනේදී....... ලංකාවෙත් මේකම අනාගතයේදී විය හැකිය (බ)

:       0       0

අනිල් Thursday, 07 January 2016 01:58 PM

හොදයි.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 06 January 2016 06:04 PM

මේ ප්‍රශ්නෙට ඔයාලා ගහගන්න එපා. ලංකාවේ වැරදි කරපු අය දැන් ඔය දිගට හරහට හැමදාම ගෙනියන්නේ,හෙට අනිද්දට බලාගනිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 532 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site