IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බංග්ලාදේශයේ මඟී බෝට්ටුවක් පෙරළී 26ක් මරුට: 100 ක් අතුරුදන්

බංග්ලාදේශයේ මේග්නා නදියේ මඟීන් 200ක් රැගෙන යාත‍්‍රා කරමින් තිබූ බෝට්ටුවක් ඊයේ(13) අනතුරට පත් වීමෙන් එහි සිටි පිරිසෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 35 දෙනකු දිවි ගලවා ගෙන ඇති බවත් සියයකට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ. ඩකා නුවරට ගිනිකොන දිගින් පිහිටි මේග්නා නදියේ යාත‍්‍රා කරමින් තිබූ ශාරියාට්පූර් නමැති තට්ටු දෙකකින් සමන්විත මෙම බෝට්ටුව තවත් යාත‍්‍රාවක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුර සිදු වූ වහාම මඟීන්ගේ දිවි ගලවා ගැනීමට ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ ඇති අතර එහිදී පුද්ගලයන් 35 දෙනකු බේරා ගැනීමට හැකි වූ බවත් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමට කිමිදුම්කරුවන් යොදවා ඇති බවත් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත ජීවිතාරක්ෂක නිලධාරියෙක් පැවසීය. මෙම අනතුරින් පුද්ගලයන් සියයකට අධික පිරිසක් අතුරුදන්ව ඇත. ‘මේ වන විට කිමිදුම්කරුවන් අනතුරට පත් යාත‍්‍රාවෙන් කාන්තාවන් පස්දෙනකු සහ ළමයින් දෙදෙනකු ඇතුළු මියගිය පුද්ගලයන් 26 දෙනකුගේ සිරුරු ගොඩගෙන තිබෙනවා.’ යැයි ප‍්‍රාදේශීය පොලිස් නිලධාරියෙකු පැවසීය. අනතුරට පත් වූ බෝට්ටුවේ සිටි පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට සහාය දීමට සියගණන් ප‍්‍රදේශවාසීන් සහ අනතුරට පත් වූවන්ගේ ඥාතීන් මේග්නා නදියේ ඉවුරට රැස්ව සිටින බව එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය. ගිලී ගිය බෝට්ටුව 1991 වසරේදී නිෂ්පාදනය කරන ලද එකක් බවත් මඟීන් ප‍්‍රවාහනයට තරම් සුදුසු තත්ත්වයේ එය නොතිබුණු බවත් එරට රජයේ නිලධාරියෙකු පැවසීය. බංග්ලාදේශයේ දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රවාහන කටයුතු සඳහා බහුලව භාවිතයට ගැනෙන්නේ බෝට්ටු සහ මඟී යාත‍්‍රාය. මෙකී යාත‍්‍රා නිසි ප‍්‍රමිතියකින් තොර වීම සහ ප‍්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම අනතුරුවලට ප‍්‍රධාන හේතුව වී ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. පසුගිය වසරේ දී මේග්නා නදිය ආශි‍්‍රතව යාත‍්‍රා දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මඟීන් තිස්දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. අනතුරට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සහන සේවකයන්



අදහස් (0)

බංග්ලාදේශයේ මඟී බෝට්ටුවක් පෙරළී 26ක් මරුට: 100 ක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site